අන්තර් ඒකක බැඩ්මින්ටන් තරඟාවලිය - 2011
6:50pm on Wednesday 10th August 2011
ගුවන් හමුදා චීන වරාය විද්‍යාපීඨ බැඩ්මින්ටන් කණ්ඩායම 2011 අන්තර් ඒකක බැඩ්මින්ටන් තරඟාවලියේ ශූරතාවය දිනා ගැනීමට සමත් විය. අවසාන මහා තරඟය චීන වරාය විද්‍යාපීඨ බැඩ්මින්ටන් කණ්ඩායම හා කටුනායක කාර්මික පක්ෂාංග කණ්ඩායම අතර පසුගිය අගෝස්තු මස 05වන දින කටුනායක ගෘහස්ථ ක්‍රීඩාංගනයේදී පැවැත්විණි.

දිවයිනේ සෑම කඳවුරක්ම නියෝජනය කරමින් ක්‍රීඩකයින් 120ක් පමණ මෙම තරඟාවලිය සඳහා සහභාගී වූ අතර විශිෂ්ටතම ක්‍රීඩකයාට හිමි 'කෝප්‍රල් ගුණවර්ධන අනුස්මරණ කුසලානය' දිනා ගැනීමට කෙඩෙට් නිළධාරි බණ්ඩාර එස්.ඒ.ආර්.එස්.යූ සමත් විය.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකා බැඩ්මින්ටන් සංගමයේ සභාපති පරාක්‍රම බස්නායක මහතා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගීවු අතර කටුනායක ගුවන් හමුදා කඳවුරු අණදෙන නිළධාරි ගුවන් කොමදෝරු රනිල් ගුරුසිංහ, ගුවන් හමුදා බැඩ්මින්ටන් සංචිතයේ සභාපති ගෲප් කැප්ටන් රංජිත් සේනානායක, සාමාන්‍ය ඉංජිනේරු පක්ෂාංගයේ අණදෙන නිළධාරි ගෲප් කැප්ටන් වසන්ත අමරකෝන්, ගගන ඉංජිනේරු පක්ෂාංගයේ අණදෙන නිළධාරි ගෲප් කැප්ටන් මහිලාල් රත්නායක, සැපයුම් හා නඩත්තු පක්ෂාංගයේ අණදෙන නිළධාරි ගෲප් කැප්ටන් ජගත් හේමසිංහ ඇතුළු රැසක් සහභාගි විය.




airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි