අන්තර් ඒකක සරඹ තුර්යවාදක තරඟාවලිය 2011
10:29am on Thursday 18th August 2011
ශ්‍රී ලංකා ගුවන් හමුදාව වාර්ෂිකව සංවිධානය කරනු ලබන අන්තර් ඒකක සරඹ තූර්යවාදක තරඟාවලිය අතිසාර්ථක ලෙස ගුවන් හමුදා කටුනායක කඳවුර සරඹ පිටියේදී ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් හර්ෂ අබේවික්‍රම මහතාගේ ප්‍රධානත්වයෙන් අද දින (11) නිමාවට පත්විය.

දින කිහිපයක් පුරා ගුවන් හමුදා කඳවුරු නියෝජනය කරමින් කණ්ඩායම් 20 සහභාගීත්වයෙන් පැවැති මෙම සරඹ තරඟාවලියේ අවසන් අධියර වූ අද දින ගුවන් හමුදා වව්නියාව කඳවුර, ගුවන් හමුදා කටුනායක අංක 01 හා අංක 02 කණ්ඩායම් අවසාන මහා තරඟය සඳහා තරඟ වැදුනු අතර ගුවන් හමුදා කටුනායක කඳවුර 2009 වසරේ ශූරතාවය දිනාගැනීමට සමත් වූ අතර ගුවන් හමුදා වවුනියාව කඳවුර වසරේ ශූරතාවය දිනාගැනීමට සමත්විය.

මෙවර ඉතා ති‍යුණු තරඟාවලියකින් අණතුරුව පියාසර නිළධාරි සෙනවිරත්න අණදුන් කටුනායක ගුවන් හමුදා කඳවුර අංක 02 කණ්ඩායම තරඟාවලියේ ශූරතාවය දිනා ගැනීමට සමත් වූ අතර, නියමු නිළධාරි විදුරංග අණදුන් වව්නියාව කඳවුර සහ නියමු නිළධාරි ගලගෙදර අණදුන් ගුවන් හමුදා කඳවුර කටුනායක අංක 02 පිළිවෙළින් දෙවන සහ තෙවන ස්ථාන දිනා ගැනීමට සමත්විය.

එක් අයෙකුගේ විධානාත්මක අණකට සමූහයක් එකාමෙන් කාර්යශූරව එක් අරමුණක් කරා යොමු කරවීම සරඹ මගින් සිදු කරවයි. මෙහි ප්‍රධාන අරමුණ වන්නේ සේවා පුද්ගලයින්ගේ විනය මනා ලෙස පවත්වාගෙන යෑමට අවශ්‍ය වටපිටාව සකසා දීමයි. ආරක්ෂක සේවාවන්හි සේවයේ යෙදෙන සේවා පුද්ගලයින්ගේ සාමූහික හැඟීම් හා එකාමෙන් කාර්යශූරව ක්‍රියා කිරීම ඉතා වැදගත් වන අතර මෙමගින් ඔහුගේ සේවා ජීවිතය මෙන්ම පෞද්ගලික ජීවිතය ගොඩනගා ගැනීමට මහත් පිටිවහලක් වනු ඇත.

අවසාන වශයෙන් තූර්යවාදක කණ්ඩායම් අතර තරඟය සඳහා කටුනායක තූර්යවාදක කණ්ඩායමේ රතු පක්ෂාංගය හා චීන වරාය කඳවුරු විද්‍යාපීඨ තූර්යවාදක කණ්ඩායම 2011 වසරේ දක්ෂතම තූර්යවාදක කණ්ඩායමට හිමි ශූරතාවය දිනාගැනීමට සමත් වූ අතර කටුනායක තූර්යවාදක කණ්ඩායම අනුශූරතාවයන් බවට පත්විය.

මේ වන විට ගුවන් හමුදාව සතුව තූර්යවාදක කණ්ඩායම් 04 න් සමන්විතය. එනම්1970 ජූලි මස 01 වන දින ප්‍රථම ගුවන් හමුදා තූර්යවාදක කණ්ඩායම බිහිවූ අතර 2002 වර්ෂයේදී එය තූර්යවාදක කණ්ඩායම ඒ හා බී ලෙස වෙන් වෙන් වශයෙන් නම් කරන ලදී. අනතුරුව එය රතු පක්ෂාංගය හා කොළ පක්ෂාංගය ලෙස 2005 වරෂයේ නම් කළ අතර කාලයත් සමඟ සියළුම ගුවන් හමුදා උත්සව අවස්ථාවන් සඳහා හා විසිර යාමේ පෙළපාලි සඳහා මෙම තුර්යවාදක කණ්ඩායම් වෙන් කරගැනීමේ අපහසුතාවය මගහරවා ගැනීම සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදා දියතලාව කඳවුර තුළ තෙවෙන තූර්යවාදක කණ්ඩායම් බිහිවිය. එය නිශ්චිත වශයෙන්ම දියතලාව කඳවුරට පමණක් සීමා විය. පසුකාලිනව ගුවන් හමුදා විද්‍යාපීඨය චීන වරාය කඳවුර බිහිවීමත් සමග හතරවන තූර්යවාදක කණ්ඩායමක අඩුපාඩුව 2009 වසරේදී සපිරිණි.     





airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි