ශ්‍රී ලංකා ගුවන් හමුදා රගර් කණ්ඩායම අවසන් පූර්ව තරගයට සුදුසුකම් ලබයි
9:08am on Monday 19th September 2011
ශ්‍රී ලංකා ගුවන් හමුදා රගර් කණ්ඩායම සි ආර් සහ එෆ් සී කණ්ඩායම ලකුණු 27ට 25ක් ලෙස පරාජය කරමින් ක්ලිෆර්ඩ් කුසලාන පිළිමලුන් පිටුදැකීමේ තරගාවලියේ අවසන් පූර්ව තරගයට සුදුසුකම් ලැබීමට සැප්තැම්බර් 04 වන දින සමත් විය.

මෙහි විශේෂත්වය වනුයේ වසර 21 ට පසුව සි ආර් සහ එෆ් සී කණ්ඩායම පරාජය කිරීමයි.

පළමු භාගය ආරම්භයේ සිටම තරගය තමන් සතු කරගත් අතර පළමු භාගය අවසානයේ ළකුණු 13ට 6ක් ලෙස ගුවන් හමුදාව ඉදිරියෙන් පසුවිය. එහිදී ශෙනාල් ඩයස් සහ සසංක ආරියරත්න
ගුවන් හමුදාව වෙනුවෙන් උත්සාහක දිනුම් 2ක් වාර්තා කල අතර රධික හෙට්ටිආරච්චි දඩුවම් පහරකින් ළකුණු 3ක් ලබා ගන්නා ලදී. මොහමඩ් සරීෆ් සි ආර් කණ්ඩායම වෙනුවෙන් දඩුවම් පහර 2ක් ලබා ගන්නා ලදී.

දෙවන භාගයේ ආරම්භයේ සිටම සි ආර් පිළ තම දක්ෂතා පෙන්වමින් ළකුණු 19ක් වාර්තා කලහ. එහිදී දුශාන් ලෙව්කේ සහ ෂාරෝ ප්‍රනාන්දු ගෝල් අවස්ථා 2ක් ලබාගත් අතර රදීශ සෙනෙවිරත්න උත්සාහක දිනුමක් ලබා ගන්නා ලදී. ගුවන් හමුදාව වෙනුවෙන් ගයාන් ඉද්දමල්ගොඩ ගෝල් අවස්තාවක් ලබා ගත්තද සි ආර් පිල ළකුණු 25ට 20 ලෙස ඉදිරියෙන් සිටින ලදී.

සි ආර් පිලේ ජයග්‍රහනයේ සිහින බොද කරමින් අවසන් මිනිත්තුවේදී කිසිවකු බලාපොරොත්තු නොවු අවස්තාවක රදික හෙට්ටිආරච්චි විසින් ගෝල දිනුමක් වාර්ථා කර ගුවන් හමුදාව අවසන් පූර්ව තරගයට කැදවාගෙන යන ලදී.



airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි