"ස්කයි ෆ්ලෑෂ් 2011" ප්‍රදර්ශනය ඔබ වෙනුවෙන් හිඟුරක්ගොඩදී...
9:45am on Monday 19th September 2011
රජරට පුරවරයට නැවුම් ඇත්දැකීම් සම්භාරයක් ගෙනදෙමින් "ස්කයි ෆ්ලෑෂ් 2011" ප්‍රදර්ශනය ගුවන් හමුදාධිපතිතුමා අතින් හිඟුරක්ගොඩ ගුවන් හමුදා කඳවුරු පරිශ්‍රයේදී ඊයේ දිනයේ (සැප්:14) විවෘත කරන ලදි. දිගු කාලයකට මෙවැනි අත්දැකීමක් නොලැබු රජරට පුරවරයට මෙවැනි ප්‍රදර්ශනයක් රැගෙන ඒම තුලින් ප්‍රදේශවාසී පුද්ගලයින්හට මානසික ඒකාග්‍රතාවයෙන් මිදීමට මෙන්ම, මින් පෙර අත් නොවිඳි ආකාරයේ ඇත්දැකීම් සම්භාරයක් ලබාදීමට අවස්ථාව සලසා දීම ගුවන් හමුදාවේ අරමුණ වී ඇත.

මෙම ප්‍රදර්ශනය විවෘත කිරීමට ප්‍රථමයෙන් ගුවන් හමුදාධිපතිතුමා විසින් ප්‍රදර්ශන භූමිය පුරා සංචාරයක නිරත වෙමින් මෙය ජනතාවට නැරඹීම සඳහා සුදුසු තත්ත්වයක ඇතිදැයි පරීක්ෂා කරන ලදි. ප්‍රදර්ශන භූමිය ජනතාවට විවෘත කිරීමෙන් අනතුරුව අති විශාල ජන ගඟක් මේ වෙත ඇදී ආ අතර පාසල් ළමුන් දහසකට අධික සංඛ්‍යාවක් මේ සඳහා සහභාගී වන ලදි. ඒ අතරින් හිඟුරක්ගොඩ මෙන්ම පොලොන්නරුව සහ තවත් දුර බැහැර පළාත් වලින් නරඹන්නන් සහභාගී වූ අතර නරඹන්නන් සඳහා විශේෂ බස් රථ සේවාවක්ද ගුවන් හමුදාව විසින් ප්‍රදර්ශනය පැවැත්වෙන කාලය පුරාවට සපයා දී ඇත.

ප්‍රදර්ශන භූමිය අක්කර 15ක් පුරාවට විහිදී ඇති අතර අධ්‍යාපන, වෙළඳ, ආහාර, ඇඳුම් පැළඳුම්, කෘෂි, රූපලාවන්‍ය යන අංශයන් ඇතුළුව ප්‍රදර්ශන කුටි 100 කට අධික ප්‍රමාණයක් ඒකිනෙකාගේ අවශ්‍යතාවයන් වලට සරිලන පරිදි ස්ථාපිත ඇත. තවද ප්‍රදර්ශනය පුරාවට සජීවී ගුවන් යානා සංදර්ශන, සංගීත සංදර්ශන, සරඹ සංදර්ශන, රෙජිමේන්තු විශේෂ බලකා සංදර්ශන, ගුවන් සුනඛ සංදර්ශන, ගිනිඅවි සංදර්ශන, විලාසිතා සංදර්ශන (ගුවන් හමුදා නිළ ඇඳුම්) ඇතුළු තවත් බොහෝ දේ මේ සඳහා ඇතුලත්ය. ඒමෙන්ම කුඩා ළමුන් සහ පවුල් වලට හිතේහැටියට විනෝද විය හැකි ඔවුන් හඳහාම විශේෂයෙන්ම වෙන් වූ ප්‍රදේශයක් ප්‍රදර්ශන භූමියේ පිහිටුවා ඇත.

මෙම සියළුම අංගයන්ගෙන් සම්පූර්ණ "ස්කයි ෆ්ලෑෂ් 2011" ප්‍රදර්ශන භූමිය ඊයේ (සැප්:14) පටන් සැප්තැම්බර් මස 18 වන දින දක්වා හිඟුරක්ගොඩ ගුවන් හමුදා කඳවුරු පරිශ්‍රයේදී ඔබ වෙනුවෙන් විවෘතව පවතී.








airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි