ජාතික කාන්තා වොලිබෝල් කණ්ඩායමේ නායකත්වය ගුවන් හමුදාවෙන්...
10:07am on Monday 19th September 2011
මේ වසරේ සැප්තැම්බර් 15 සිට 23 දක්වා පැවැත්වීමත නියමිත 16 වන ආසියානු වොලිබෝල්
ශූරතාවලිය සඳහා සහභාගී වන ජාතික කාන්තා වොලිබොල් කන්ඩායමේ නායිකාව ලෙස ගුවන්
හමුදාවේ නායක ගුවන් කාන්තා දිනේෂා ප්‍රසාදනී පත්කර ඇත.

 මෙවර මෙම ශූරතාවලිය චීනයේ තායිපේ නගරයෙදී පැවැත්වීමට නියමිතය. 2006 වසරේ සිට මේ දක්වා ජාතික වොලිබෝල් කණ්ඩායම නියෝජනය කරන දිනේෂා ජාතික තලයේ හොඳම වොලිබෝල් ක්‍රීඩිකාවකි.

2009 වසරේ පැවැත්වුනු ආසියානු වොලිබෝල් ශූරතාවලිය සඳහා සහාගීවූ ජාතික කන්ඩායම නියෝජනය කල ඇය ජාතික කන්ඩායමේ නායකත්වය දරන ප්‍රථම වතාව මෙය වේ. තවද ගුවන් හමුදාවේ නායක ගුවන් කාන්තා තුෂාරිද මෙම කන්ඩායම සඳහා ඇතුලත් වේ.

ශ්‍රී ලංකා කන්ඩායම මෙම ශූරතාවලිය සඳහා සහභාගී වන්නේ "ඩී" කන්ඩායම යටතේ වන අතර
ජපානය, දකුණු කොරියාව, ටජිකිමිස්තානය යන රටවල්ද මෙම කන්ඩායමට ඇතුලත්වේ.
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි