මඩකලපුව කදවුර ලෝක ළමා දිනය සමරයි
11:52am on Friday 14th October 2011
ශ්‍රී ලංකා ගුවන් හමුදා මඩකලපුව කදවර, ලෝක ළමා දිනයට සමගාමීව ප්‍රදේෂයේ පාසැල් දරුවන්  වෙනුවෙන් ඔක්තෝබර් පළවන දින උත්සවයක් පවත්වන ලදී.

මඩකලපුව කදවුරු අණදෙන නිළධාරී, විංග් කමාන්ඩර් අජිත් වැවේගම ගේ අදහසකට අනුව මඩකලපුව වලයරවු මෙතෝදිස්ත පාසලේදී මෙම කටයුත්ත සිදුවිය.

දිනය ළමුන්ට විනෝදාස්වාදය සදහා කටයුතු සංවිධානය කර තිබුණි. පසුව සියළුම දරුවන් සහ ගුරුවරුන් වෙනුවෙන් දිවා ආහාරයද සැපයීය. දවස අවසාන කරමින් පැමිණ් සිටි දරුවන්ට පාසැල් පොත් සහ අවශ්‍ය උපකරණ ලබා දෙනු ලැබීය.





 
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි