ආසියානු පැසිපික් ගුවන් හමුදාපතිවරුන්ගේ සමුළුවට ගුවන් හමුදාපති තුමන්ට ඇමෙරිකාවෙන් ආරාධනයක්
1:44pm on Tuesday 8th November 2011
ඇමරිකානු එක්සත් ජනපදයේ ගුවන් හමුදා මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් නෝර්ටන් ෂවර්ට්ස් ගේ ආරාධනයකට අනුව ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් හර්ෂ අබේවික්‍රම නොබෝදා හවායි හි හොනොලුලු හිදී පැවති පැසිපික් කලාපීය ගුවන් හමුදාපතිවරුන්ගේ සමුලුවට සහභාගි විය.

මෙම සමුළුවේ මූලික අරමුන වූයේ ආසියානු පැසිපික් කලාපීය ගුවන් හමුදාපතිවරුන් අතර සුහදත්වය හා අන්නෝන්‍ය සබදතාවය වර්ධනය කිරිම හා දැනට පවතින ගුවන් බලය හා එල්ල විය හැකි අභියෝගතා මොනවාද යන්න සොයා බැලීම සදහාය.

මෙහිදී සියළුම ගුවන් හමුදාපතිවරුන් වොෂින්ටනයේ පිහිටි පෙන්ටගනයේද සංචාරයක නිරත වූ අතර ඇමරිකානු එක්සත් ජනපදයේ ගුවන් හමුදා මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් නෝර්ටන් ෂවර්ට්ස් සමග සුහද කතාබහක ද නිරත විය.



href="../uploads/news/commander_attends_pacific_air_chiefs_Conference_pacc_in_honolulu/3.jpg">
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි