පිපෙනකැකුළු 2011
7:33am on Tuesday 6th December 2011
ගුවන් හමුදා කටුනායක කදවුරු පෙර පාසල මගින් වාර්ෂිකව පවත්වනු ලබන "පිපෙන කැකුළු 2011" විවිධප්‍රසංගය මෙවරද සාර්තක ලෙස නොවැම්බර් මස 25 වන දින කටුනායක ඇස්ට්‍රා ශාලාවේදී නිමාවට පත් විය.

පුරා වසරක් මුළුල්ලේ උගත් දේ ක්‍රියාවට නංවමින් අවසන් විවිධ ප්‍රසංගය, 77 දෙනෙකුගෙන් සමන්විත පෙර පාසල් දරුවන්ගේ සහභාගීත්වයෙන් එලි දක්වන ලදී.මේ සදහා නැටුම්, ගැයුම්, වැයුම්, සරබ සහ නාට්‍ය ආදී විවිධ අංගයන් ඉදිරිපත් කරමින් පැමින සිටි පිරිස් අමානන්දයට පත්කිරීමට සමත් විය.

ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනි නිලීකා අබේවික්‍රම මැතිනිය ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි වූ අතර,කටුනායක ගුවන් හමුදා කදවුරු අනදෙන නිලධාරී ගුවන් කොමදෝරු රනිල් ගුරුසිංහ හා එම මහත්මිය ඇතුලු සියලුම දෙමාපියන් ද මේ අවස්තාවට එක් විය.






airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි