සාර්ථකව පාඨමාලාව නිමකල පැරශුට් භටයින් 33 විසිර යයි
7:40am on Tuesday 6th December 2011
අංක 24 මුලික පැරශුට් පැනීමේ පුහුණු පාඨමාලාවේ විසිර යාමේ පෙලපාලිය පසුගිය නොවැම්බර් මස 29 දින අම්පාර ගුවන් හමුදා කදවුරු පරිශ්‍රයේදී සාර්ථකව නිමාවට පත් විය.

මෙම පාඨමාලාව සදහා ගුවන් භටයින් 29 කු හා යුද හමුදා සෙබලුන් 04 ඇතුලත් වු අතර සාර්ථකව පාඨමාලාව නිමකල සියලුම සෙබලුන් සදහා පරශුට් ලාංඡන පැලදවීම ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි වූ ගුවන් හමුදා මෙහෙයුම් භූමි අධ්‍යක්ෂක එයාර් වයිස් මාර්ෂල් ඒ එම් ඩී සොයිසා අතින් සිදු විය.

32468 නායක ගුවන් භට ජයසිරි කේ අයි එස් දක්ෂතම පැරශුට් පැනීමේ ගුවන් භටයාට හිමි සම්මනයෙන් පිදුම් ලැබීය.

පැමින සිටින නරබන්නන් වෙනුවෙන් පුහුණුව ලද ගුවන් භටයින්ගේ දස්කම් එලිදැක්වීම සදහා වයි-12 ගුවන් යානයක නැගී පැරශුට් පැනීම් සිදුකල අතර පුහුනු උපදේශකයින් ද මේ සදහා එක් විය.මෙම උත්සවය වර්නවත් කිරීම සදහා ගුවන් හමුදා වර්ණ බලඝනයේ සංදරශනයක් ද ඇතුලත් විය.





airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි