ගුවන් හමුදා අනුරාධපුර කදවුරු වාර්ෂික පෙර පාසල් විවිධ ප්‍රසංගය
11:33am on Wednesday 7th December 2011
ගුවන් හමුදා අනුරාධපුර කදවුරේ පෙර පාසල් වාර්ෂික විවිධ ප්‍රසංගය පසුගිය දෙසැම්බර් මස 01 දින නිමාවට පත්විය. මෙම අවස්ථාව සදහා ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනි නිලීක අබේවික්‍රම මැතිනිය ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි විය.

45 දෙනෙකුගෙන් සමන්විත වූ පෙර පාසල් දරු දැරියන්ගේ කුසලතාවයන් පැමින සිටි සියළුම දෙනාගේ නෙත් සිත් වසගයට ගැනීමට සමත් විය.විවිධ ප්‍රසංගය අවසානයේ සහතික හා ත්‍යාග බෙදා දුන් අතර දරු දැරියන් සදහාම විශේශිත වූ අංගයක් ලෙස නත්තල් සියා ද මේ සදහා එක් විය.

තවද මේ අවස්ථාව සදහා අනුරාධපුර කදවුරු අණදෙන නිලධාරී ගුවන් කොමදෝරු ජයසිංහ ඇතුළුම සියළුම නිලධාරීන් මේ අවස්තාව සදහා සහභාගි විය.
>


 
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි