48 වෙනි අධිකාරී නොලත් නිළධාරීන්ගේ කළමණාකරන පාඨමාලාව විසිර යයි
11:36am on Wednesday 7th December 2011
පුරා මාස තුනක් මුළුල්ලේ ත්‍රිකුණාමලය, චීන වරාය ගුවන් හමුදා විද්‍යා පීඨයේ පැවති අධිකාරී නොලත් නිළධාරීන්ගේ කළමණාකරන පාඨමාලාව හැදැරූ අධිකාරී නොලත් නිළධාරීන් 89 දෙනෙකු පසුගිය නොවැම්බර් මස 05 වන දින විසිර ගියහ.

රජරට විශ්වවිද්‍යාලයට අනුබද්ධිත මෙම පාඨමාලාව හැදැරූ 89 දෙනා අතරට ගුවන් හමුදා ජේෂ්ඨ අධිකාරී නොලත් නිළධාරීන් 45 දෙනෙකු, කණිෂ්ඨ අධිකාරී නොලත් නිළධාරීන් 40 දෙනෙකු, යුද හමුදා ජේෂ්ඨ අධිකාරී නොලත් නිළධාරීන් 02සහ නාවික හමුදා සුළු නිළධාරීන් 02 ඇතුලත් වුහ.

අධිකාරී නොලත් නිළධාරීන්ගේ කළමණාකරන පාසලේ ශ්‍රවණාගාරයේ පැවති මෙම සම්මාන ප්‍රධානෝත්සවය සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස අධ්‍යක්ෂක ගුවන් මෙහෙයුම් එයාර් වයිස් මාර්ෂල් ගගන බුලත්සිංහල, අධ්‍යක්ෂ මෙහෙයුම් භූමි 'ගුවන් කොමදෝරු' කිෂාන් යහම්පත් සහභාගී විය. තවද ත්‍රිකුණාමලය, චීන වරාය ගුවන් හමුදා විද්‍යාපීඨයේ වැඩබලන පීඨාධිපති ගෲප් කැප්ටන් ප්‍රසන්න රණසිංහ ඇතුළු උසස් නිළධාරීන්  රැසක් මෙම උත්සවය සඳහා සහභාගී විය.

සති 12කට ආසන්න කාලයක් පුරාවට, පුළුල් විෂය මාලාවකින් සන්නද්ධව නායකත්වය පිළිබඳ විශිෂ්ඨයින් වෙමින් ඔවුන් විසිර ගියහ. මෙම පාඨමාලාවේ සෑම අතින්ම දක්ෂ ජ්‍යෙෂ්ඨ අණනොලත් නිළධාරී ලෙස ගිණුම් ලිපිකරු වෘත්තියෙන් සේවයේ නියුතු බලපන්ති සැරයන් උඩුගම්පොල සම්මාන ලැබූ අතර සැම අතින්ම දක්ෂ කණිෂ්ඨ අණනොලත් නිළධාරී ලෙස ගිණුම් ලිපිකරු වෘත්තියෙන් සේවයේ නියුතු කෝප්‍රල් කුලතුංග සම්මාන ලැබීය.

කළමණාකරන පාසලේ අණදෙන නිළධාරී ලෙස විංග් කමාන්ඩර් ටී.වී.ඩී දේශප්‍රිය කටයුතු කරන අතර ප්‍රධාන උපදේශක ලෙස බලඝණ නායක පී.එන්. ජයවික්‍රම කටයුතු කරනු ලබයි. බලඝණ නායක එ.එස්. වැලිසර, බලඝණ නායක ආර්.එස්.ඒ.එන්.ඊ රාජපක්ෂ සහ බලඝණ නායක ජේ.බි. පුස්සදෙනිය උපදේශකයින් ලෙස කළමණාකරන පාසලේ සේවය කරනු ලබයි.




airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි