කටුකුරුන්ද ගුවන් හමුදා කඳවුර වාර්ෂික සුහද හමුවක් සහ ළමා සාදයක් පවත්වයි...
3:57pm on Friday 30th December 2011
කටුකුරුන්ද ගුවන් හමුදා කඳවුර මගින් සංවිධානය කරන ලද වාර්ශික සුහද හමුව සහ ළමා සාදය පසුගිය දෙසැම්බර් මස 22 වන දින අති සාර්ථක අන්දමින් පවත්වන ලදී.

එදින සවස 2.00 පැයේ සිට සවස 6.00 පමණ වනතෙක් ළමා සාදය පවත්වන ලද අතර ළමුන් සඳහා විනෝද වීමට විවිධ වූ විශේෂාංග රැසක් එහි අන්තරගත විය. ඒ අතර සී-සෝ, මෙරිගේ රවුන්ඞ්, විදුලි කාර්, ඇතුළු විශේෂාංග රැසක් පවත්වන ලදී. එසේම ළමුන් සඳහා විවිධ ක‍්‍රීඩා අංග රැසක්ද පවත්වන ලද අතර එහිදී නර්තන හා විවිධ ඇඳුම් තරඟය විශේෂ අවධානයක් යොමු කරගත් තරඟ ඉසව් බවට පත්විය. මෙම සෑම තරඟයකම ජයග‍්‍රාහක ජයාග‍්‍රාහිකාවන්ට සිත් ඇදගන්නා සුළු ත්‍යාග ප‍්‍රදානය කරන ලදී. එසේම නත්තල් සීයාගේ පැමිණීම ළමුන්ගේ මෙන්ම වැඩිහිටියන්ගේද විනෝදයට හා ප‍්‍රීතියට හේතුවක් විය.

ළමා සාදය අවසානයේදී ආරම්භ වුණු කඳවුරු වාර්ශික සුහද හමුව ගිණිකෙළි සංදර්ශණයන්ගෙන් අලංකාර විය. එහිදී මැජික්සංදර්ශන, ගුවන් හමුදා ”ඊගල්” සංගීතයට මුසුවූ මනරම් නර්තන අංගයන්ගෙන්ද මෙම අවස්ථාව අලංකාර විය. එහිදි සියළුම වැඩිහිටි පුද්ගලයන් වෙනුවෙන් නර්තන ඇතුළු විවිධ වූ තරඟ රැසක්ද පවත්වන ලදී.

මෙම අවස්ථාවට කඳවුරේ සියළුම සේවා සහ සිවිල් පුද්ගලයින්ද ඔවුන්ගේ පවුල් වල සමාජිකයින්ද සහභාගී විය.




airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි