පෙර පාසල් ගුරුවරියන් උදෙසා පැවැත්වූ වැඩමුළුව සාර්තකව නිම කෙරේ
8:33am on Friday 23rd March 2012
ගුවන් හමුදා සුභ සාධක අධ්‍යක්ශක මණ්ඩලය හා සේවා වනිතා ඒකකය එක්ව ගුවන් හමුදා පෙර පාසල් ගුරුවරියන් සදහා නවතම විෂය ධාරාව හදුන්වා දීමේ හා නව පෙර පාසල් පොත් පත් ප්‍රධානය කිරීමේ උත්සවයක් සේවා වනිතා ඒකකයේ ගරු සභා පතිනි නීලීකා අබේවික්‍රම මැතිනියගේ ප්‍රධානත්වයෙන් පසුගියදා ගුවන් හමුදා මුලස්තාන ශ්‍රවනාගාරයේදී පැවැත් වින.

ගුවන් හමුදා සුභ සාධක අධ්‍යක්ෂක මණ්ඩලයේ මාණ්ඩලික නිලධාරී බලගණ නායක ප්‍රසාද් ගොඩගේ, හා බලපංති ලුතිනන් රත්නසිරි දිසානායක විසින් මෙම වැඩසටහන මෙහෙය වන ලදී.

විවිද ක්‍රියාකාරකම් හා ඉගැන්වීම යටතේ නව විෂය කරුණු පිලිබදව මනා අවබෝදයක් හා පෙර පාසල් දරුවන්ගේ අධ්‍යාපනය නගා සිටුවීමට ඉවහල් වන විෂය කරුණු රැසක් පිලිබදවද දැනුවත් කරන ලදී.

තවද මෙම අවස්තාවට ගුවන් හමුදා සුභ සාධක අධ්‍යක්ෂ එයාර් වයිස් මාර්ෂල් අනුර සිල්වා මහතා ද එක් විය.





airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි