ශ්‍රී ලංකා ගුවන් හමුදා 'පීකොක් හොලිඩේ හෝම් නිවාඩු නිකේතනය' ගුවන් හමුදාපතිතුමන් අතින් විවෘත කෙරේ
11:51am on Tuesday 10th April 2012
වීරවිල ගුවන් හමුදා කඳවුරේ ඉදි කරන ලද සුඛෝපභෝගි "පීකොක් හොලිඩේ හෝම් නිවාඩු නිකේතනය" සහ කතරගම 'වැඩසිටි කන්ද' ප්‍රදේශයේ ගුවන්භට නිවාඩු නිකේතනය ගුවන්හමුදාපති හර්ෂ අබේවික්‍රම මැතිතුමන් අතින් පසුගියදා උත්කර්ෂවත් අන්දමින් විවෘත කරන ලදී.

ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් හර්ෂ අබේවික්‍රම මහතාගේ මග පෙන්වීමත්, ගුවන් හමුදා වීරවිල කඳවුරු අණදෙන නිළධාරි 'ගෲප් කැප්ටන්' ඩිල්ශාන් වාසගේ තුමන්ගේ උපදෙස් මත මෙම සුඛෝපභෝගී නිවාඩු නිකේතන නිර්මාණය වී ඇත. තවද ගුවන් හමුදා සේවා පුද්ගලයින්ට යාල සහ බූන්දල ජාතික රක්ෂිතයේ සංචාරය කිරීමටත්, දැනුම සහ විනෝදය ලබා ගැනීම සඳහා විශේෂ 'ගුවන් හමුදා සපාරි ජීප් රථය' ලබා දීමක්ද සිදු වීම විශේෂත්වයකි.    

තවද මෙම අවස්ථාව සඳහා ගුවන් හමුදාපතිතුමා සහ ගුවන් හමුදා ජ්‍යෙෂ්ඨ නිළධාරීන් ඇතුළු සේවා පුද්ගලයින් විශාල පිරිසක් සහභාගි විම විශේෂත්වයකි.




airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි