දියතලාව ගුවන් හමුදා කඳවුර උද්‍යාන අලංකාර සහ ගෙවතුවගා සම්මානය දිනාගනී...
11:21am on Friday 20th April 2012
ඌව පලාත් කෘෂිකර්ම, ගොවිජන සංවර්ධන, සත්ව නිෂ්පාදන, මිරිදිය ධීවර, පරිසර හා සංචාරක කටයුතු අමාත්‍යංශය මගීන් රාජ්‍ය ආයතන අතර පවත්වනු ලැබූ උද්‍යාන අලංකාර සහ ගෙවතුවගා තරඟාවලියේ ප්‍රථම ස්ථානය දියතලාව ගුවන් හමුදා කඳවුර විසින් දිනාගන්නා ලදි.

"වසන්ත උදානය 2012" ට සමගාමීව පවත්වන ලද මෙම තරඟාවලියෙහි ත්‍යාග සහ සහතිකපත් ප්‍රධානෝත්සවය පසුගියදා (අප්‍රේල් 11) බණ්ඩාරවෙල නගර සභා ක්‍රීඩාංගනයේදී පැවැත්වුනු අතර එහි ත්‍යාග ප්‍රධානය සඳහා සහභාගී වන ලද්දේ ඌව පළාත් ආණ්ඩුකාරතුමන් වන ගරු. නන්දා මැතිව් මැතිතුමන්ය.

මෙම ව්‍යාපෘතිය මගීන් යෝගට්, හතු නිෂ්පාදනය සහ එළවළු සහ මල් වගාකිරීම සිදුකරනු ලබයි. මෙම ව්‍යපෘතිය මේ ආකාරයෙන් අතිශයින් සාර්ථක කරගැනීමට දියතලාව ගුවන් හමුදා කඳවුරේ වත්මන් අණ දෙණ නිළධාරී ගෲප් කැප්ටන් ජනක අමරසිංහ මහතාගේ නිවැරදි මග පෙන් වීම යටතේ නිෂ්පාදනයන්හි තත්ත්වය ඉහල තත්ත්වයක පවත්වාගැනීම, නිරන්තර පරීක්ෂාකිරීම් හා නඩත්තුකිරීම්, උචිත තාක්ෂණික හා කළමනාකරණ ක්‍රමවේදයන් භාවිතය යන කරුණු මනා ලෙස ඉවහල් වී ඇත.

තවද මෙම කඳවුරු කෘෂිකර්ම ව්‍යාපෘතියෙහි සාර්ථකත්වය උදෙසා මෙහි සේවය කරනු ලබන සියළු නිලයන් දායකත්වය සපයා ඇති අතර දැනට කඳවුරු කෘෂිකර්ම ව්‍යාපෘතියෙහි කාර්‍යභාර නිළධාරීන් වශයෙන් කටයුතු කරනු ලබන්නේ බළඝණ නායක යූ. ආර්. වැලිවිට සහ බළඝණ නායක එම්. ඒ. ඩී. ඒ. පී. පෙරේරා යන නිළධාරීන් වේ. මෙහි අංශ භාර, ජ්‍යෙෂ්ඨ අධිකාරී නොලත් නිළධාරී වශයෙන් කටයුතු කරනු ලබන්නේ බලපන්ති සැරයන් වීරසේකර යන අයයි.


airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි