ගිනි නිවීමේ උසස් වෘත්තීය පුහුණු පාඨමාලාව සාර්ථකව අවසන් වෙයි...
2:19pm on Tuesday 24th April 2012
ගිනි නිවීමේ උසස් වෘත්තීය පුහුණු පාඨමාලාව පසුගියදා (අප්‍රේල් 18) ඒකල ගුවන් හමුදා වෘත්තීය පුහුණු පාසල් ශ්‍රවණාගාරයේදී සාර්ථකව නිමාවට පත්විය. මෙම අවස්ථාව සඳහා එහි අණදෙන නිළධාරී, ගෲප් කැප්ටන් එල්. ඩී. ගුණවර්ධන සහ වෘත්තීය පුහුණු පාසලේ නිළධාරී අණදෙන පුහුණු, වින්ග් කමාන්ඩර් සී. ජේ. හෙට්ටිආරච්චි සහභාගී වූ අතර ප්‍රධාන ආරාධිතයා ලෙසින්, ගුවන් මෙහෙයුම් අධ්‍යක්ෂක තුමන් නියෝජනය කරමින් ගිනි නිවාරණ අංශයේ අණදෙන නිළධාරී, ගෲප් කැප්ටන් පී. එම්. සී. පී. ඩයස් මහතා සහභාගී විය.

මෙම ගිනි නිවීමේ උසස් වෘත්තීය පුහුණු පාඨමාලව ආරම්භ වූයේ 2011 ජනවාරි මස 10 වන දින  වන අතර  2012 අප්‍රේල් මස 18 වන දින අවසන් විය. මාස 15 කට වැඩි සාර්ථක පාඨමාලා කාලයකින් අනතුරුව සිද්ධාන්ත සහ ප්‍රායෝගික දැනුමින් පරිපූර්ණ වූ ගුවන් භටයින් 30 දෙනෙකු මේ ලෙස සාර්ථකව පාඨමාලාව නිම කරන ලදි.

මෙම පාඨමාලාවේ අතිෂයින් දක්ෂතම ගුවන් භටයා ලෙසින් සහතික පත් සහ පළිහ පිරිණමන ලද්දේ 30195 කෝප්‍රල් විජේරත්න ආර්.ඊ.ඩී වෙතයි.


airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි