චීන තානාපතිතුමිය ගුවන් හමුදාධිපතිතුමා හමුවෙයි...
9:18pm on Thursday 26th April 2012
චීන තානාපතිතුමිය වන ගරු.යැන්ග් සියුපින් මැතිනිය පසුගියදා (අප්‍රේල් 23) ගුවන් හමුදා මූලස්ථානයේදී ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් හර්ෂ අබේවික්‍රම මහතා හමුවිය. ඇය ගුවන් හමුදාධිපතිතුමන් හමුවීමට පැමිණ ඇත්තේ දිවයිනෙන් මව් රට වෙත පිටත්වයාමට පෙර වන අතර එමගින් ශ්‍රී ලංකා ගුවන් හමුදාව හා චීන තානාපති කාර්යාලය අතර දෙපාර්ශවයේ සඹඳතා වැඩි දියුණුකරගැනීමට සහ එතුමියගේ සේවාකාලය තුල මෙම සඹඳතාවය අඛණ්ඩව පවත්වාගෙන යාම අරමුණ වී ඇත.

කෙටි සාකච්ඡාවකින් අනතුරුව ගුවන් හමුදාධිපතිතුමන් විසින් තානාපතිනිය වෙත සිහිවටනයක් සහ විශේෂ ත්‍යාගයක් පිරිණැමූ අතර අනතුරුව ඇයගේ රාජකාරී කටයුතුවලට සහ ඇගේ අනාගතයට ද සුභ පැතුම් එක් කළේය.


airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි