තායිලන්ත අන්තර් ජාතික ජුඩෝ තරගාවලිය 2012
10:13am on Monday 9th July 2012
2012 ජුනි මස 27 සිට 2012 ජුලි මස 04 දක්වා රටවල් 19 සහභගිත්වයෙන් තායිලන්තයේ පැවති විවෘත ජුඩෝ තරගාවලියෙන් ශ්‍රී ලංකාවට රිදි සහ ලෝකඩ පදක්කමක් දිනා දීමට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩා කල ක්‍රීඩක ක්‍රීඩිකාවන් සමත් විය.

එහිදි පදක්කම්  දෙකම දිනා ගැනීමට ශ්‍රි ලංකා ගුවන් හමුදාව නියෝජනය කල ක්‍රීඩකයින් වීම විශේෂයකි. තරග කරුවන් 30 දෙනෙකු සමන් විත ශ්‍රී ලංකා කණ්ඩාමේ නායකයා වු ශ්‍රී ලංකා ගුවන් හමුදාව නියේජනය කල නායක ගුවන් භට වික්‍රමගේ ජේ එස් කේ යන ක්‍රීඩකයා රිදි පදක්කම ද ගුවන් හමුදාවේම ගුවන් භට ධර්මවර්ධන ආර් සි එන් ක්‍රිඩකයා ලෝකඩ පදක්කමක් ද දිනා ගන්නා ලදි.

2012 ජුලි මස 05 වන දින එයාර් වයිස් මාර්ෂල් ඩබ් ඒ සිල්වා ගේ කළමණාකාරීත්වයෙන් යුත් කණ්ඩාම දිවයිනට ලගා වු අතර මොවුන් පිළිගැනීමට ජුඩෝ සංගමයේ උප ලේකම් සහ කමිටු සාමාජිකයින් පිරිසක් ගුවන් තොටු පලට පැමිණ සිටියහ.


airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි