ගුවන් හමුදා ගායක කෝප්‍රල් ඉමාලි පතිරන 'රණවිරු රියල් ස්ටාර්' අවසාන පස්දෙනා අතරට
11:40am on Monday 9th July 2012
ශ්‍රී ලංකා ගුවන් හමුදාව නියෝජනය කෝප්‍රල් ඉමාලි අනුරුද්ධිකා 'රණවිරු රියල් ස්ටාර්' ගායන තරඟයේ අවසාන පස්දෙනා අතරට තේරී පත්ව ඇත. 'රණවිරු රියල් ස්ටාර්' ගායන තරඟ පෙරහුරු කටයුතු නිසා ඉතා කාර්යබහුල ජීවන රටාවක් ගත කරන ගුවන් හමුදා ගායිකා කෝප්‍රල් ඉමාලි අනුරුද්ධිකා ගුවන් හමුදා මාධ්‍ය ඒකකයට මෙසේ අදහස් දැක්වීය.

ගලේවෙල ප්‍රදේශයේ පදිංචිව සිටින කෝප්‍රල් ඉමාලි අනුරුද්ධිකා කුඩා කාලයේ පටන් සංගීත ක්ෂේත්‍රයේ දක්ෂතාවයන් රැසක් පෙන්වා ඇත. මීට ඇයගේ පවුල් පසුබිමත් ඉවහල් විය. පාසල් මට්ටමින් ද ඇය සංගීතය විශයක් ලෙස හදාර ඇති අතර මැය ශාන්ත බෙනඩික් ප්‍රාථමික පාසල,ඉබ්බාගමුව මධ්‍ය මහා විද්‍යාලය, යන පාසල් හි අ.පො.ස සාමාන්‍ය පෙළල හා අ.පො.ස උසස් පෙළ දක්වා අධ්‍යාපනය හදාරමින් උසස් ප්‍රතිඵල ලබා ගත් අතර අවසාන වශයෙන් විශ්වවිද්‍යාල ප්‍රවේශයද ලබා ගත්තේය. වර්තමානයේදී ගුවන් හමුදාවේ ගිණුම් ලිපිකාරණියක ලෙස සේවය කරන ඇය ප්‍රේමවර්දන පතිරන මහතාගේ හා තිලකා පත්මිනි මහත්මියගේ දියණිය වන අතර එක් සහෝදරයකු හා එක් සහෝදරියක් ද සමන්විතය.

අණදෙන නිළාධාරී වන ගෲප් කැප්ටන් ආර් ඒ යු පී රාජපක්ෂගේ පොළඹවීමෙන් කෝප්‍රල් ඉමාලි 'රණවිරු රියල් ස්ටාර්' නවතම රියලිටි සංගීත වැඩසටහනට ඉල්ලුම් පත්‍රයක් යොමු කරන ලදී. මේවන විට  කෝප්‍රල් ඉමාලි අති විශාල ජනතා ප්‍රසාදය හා විනිසුරු මණ්ඩලයේ ගෞරවයටත් පත්‍රව සිටින ගායන තාරකාවක් බව නොරහසකි.

මෙවන් දක්ෂ ශිල්පිණියකගේ ඉදිරි ගමන සාර්ථක කිරීමට හා ඇයගේ ඉලක්කය වෙත යොමු වීමට ඔබ සියලු දෙනාට ලබා දිය හැකි වටිනා 'කෙටි පණිවිඩය' ලබාදී සහයෝගය දක්වන ලෙස ශ්‍රී ලංකා ගුවන් හමුදාව ඉල්ලා සිටි.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි