ආරක්ෂක සේවා බීච් වොලිබෝල් ශූරතාවලිය ගුවන් හමුදාවට
3:18pm on Thursday 16th August 2012
ආරක්ශක සේවා බීච් වොලිබෝල් පිරිමි හා කාන්තා අංශ දෙකේම ශූරතාවලිය දිනා ගැනීමට ගුවන් හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන් සමත් විය.2012 ජුලී මස 30 වන දින සිට අගෝස්තු මස 01 දින දක්වා මීගමුව වෙරල තීරයේදී මෙම තරගාවලිය පැවැත් වින.

කාන්තා අංශයේ යුගලය වන කෝප්‍රල් ගුනවර්දන හා නායක ගුවන් කාන්තා ප්‍රසදිනි විසින් නාවික ක්‍රිඩිකවන් යුගලය 21/10 හා 21/08 ලෙස පරාජයට පත් කල අතර, පිරිමි අංශයේන් සැරයන් කුමාර හා කෝප්‍රල් යාපා ආසියානු රිදී පදක්කම් ලාභී හා ජාතික මට්ටමේ ශුරයින් 22/20 , 21/13 , 16/14 ලෙස පරාජයට පත් කරන ලදී.

ජාත්‍යන්තර නීතී රීති වලට අනුකූලව යුධ, නාවික, ගුවන් වශයෙන් යුගල ඉදිරිපත් වූ අතර , යුධ හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරාල් අබේසේකර ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි විය.


airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි