අන්තර් ඒකක සරඹ තුර්යවාදක තරඟාවලිය 2012
4:24pm on Sunday 16th September 2012
ශ්‍රී ලංකා ගුවන් හමුදාව වාර්ෂිකව සංවිධානය කරනු ලබන අන්තර් ඒකක සරඹ හා තූර්යවාදක තරඟාවලිය අතිසාර්ථක ලෙස ගුවන් හමුදා කටුනායක කඳවුර සරඹ පිටියේදී ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් හර්ෂ අබේවික්‍රම මහතාගේ ප්‍රධානත්වයෙන් අද දින (13) නිමාවට පත්විය.

දින කිහිපයක් පුරා ගුවන් හමුදා කඳවුරු නියෝජනය කරමින් කණ්ඩායම් 23 සහභාගීත්වයෙන් පැවැති මෙම සරඹ තරඟාවලියේ අවසන් අධියර වූ අද දින ගුවන් හමුදා දියතලාව කදවුර, ගුවන් හමුදා කටුනායක කදවුර හා ගුව හමුදා අනුරාධපුර කණ්ඩායම් අවසාන මහා තරඟය සඳහා තරඟ වැදුනු අතර ගුවන් හමුදා කටුනායක කඳවුර 2012 වසරේ ශූරතාවය දිනාගැනීමට සමත්විය.

මෙවර ඉතා ති‍යුණු තරඟාවලියකින් අණතුරුව ස්කොඩ්‍රන් ලීඩර් සෙනවිරත්න අණදුන් කටුනායක ගුවන් හමුදා කඳවුර කණ්ඩායම තරඟාවලියේ ශූරතාවය දිනා ගැනීමට සමත් වූ අතර, ෆ්ලයින්ග් ඔෆිසර් ප්‍රනාදු අණදුන් අනුරාධපුර කණ්ඩායම සහ පයිලට් ඔෆිසර් හේරත් අණදුන් ගුවන් හමුදා දියතලාව කදවුර පිළිවෙළින් දෙවන සහ තෙවන ස්ථාන දිනා ගැනීමට සමත්විය.

එක් අයෙකුගේ විධානාත්මක අණකට සමූහයක් එකාමෙන් කාර්යශූරව එක් අරමුණක් කරා යොමු කරවීම සරඹ මගින් සිදු කරවයි. මෙහි ප්‍රධාන අරමුණ වන්නේ සේවා පුද්ගලයින්ගේ විනය මනා ලෙස පවත්වාගෙන යෑමට අවශ්‍ය වටපිටාව සකසා දීමයි. ආරක්ෂක සේවාවන්හි සේවයේ යෙදෙන සේවා පුද්ගලයින්ගේ සාමූහික හැඟීම් හා එකාමෙන් කාර්යශූරව ක්‍රියා කිරීම ඉතා වැදගත් වන අතර මෙමගින් ඔහුගේ සේවා ජීවිතය මෙන්ම පෞද්ගලික ජීවිතය ගොඩනගා ගැනීමට මහත් පිටිවහලක් වනු ඇත.

අවසාන වශයෙන් තූර්යවාදක කණ්ඩායම් අතර තරඟය සඳහා කටුනායක තූර්යවාදක කණ්ඩායමේ රතු පක්ෂාංගය හා එම කදවුරේම කොල පක්ෂාංගය 2012 වසරේ දක්ෂතම තූර්යවාදක කණ්ඩායමට හිමි ශූරතාවය දිනාගැනීමට තරග වැදුනු අතර රතු පක්ෂාංගය 2012 ශූරතාවය දිනා ගැනීමට සමත් විය.


airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි