2012 අන්තර් ඒකක 20 යි 20 ක්‍රිකට් තරගාවලියේ ජය අනුරාධපුර කඳවුරට
11:11am on Tuesday 25th September 2012
ගුවන් හමුදා අනුරාධපුර කදවුරේ 20 යි 20 ක්‍රිකට් කණ්ඩායම චීන වරාය කදවුරු ක්‍රිකට් කණ්ඩායම ලකුණු 21 කින් පරාජයට පත් කරමින් අන්තර් ඒකක 20 යි 20 ක්‍රිකට් තරගාවලියේ ශූරතාවය දිනා ගැනීමට සමත්විය.

පසුගියදා (22) දින ගුවන් හමුදා අනුරාධපුර කදවුරු ක්‍රීඩාංගනයේ පැවති මෙම අවසන් මහා තරගය සදහා  21 වන සේනාධිනායක බ්‍රිගේඩියර් අරුන සිල්වා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වූ අතර ගුවන් හමුදා පරිපාලන අධ්‍යක්ෂක එයාර් කොමඩෝර් ජේ එස් අයි විජේමාන්න හා අනුරාධපුර කදවූ අණදෙන නිලධාරී ගෲප් කැප්ටන් එස් ජේ එස් ප්‍රනාන්දු මේ අවස්ථාවට එක් වූහ.

කාසියේ වාසිය හිමි කරගත් චීන වරාය කඳවුර පලමුව පන්දුවට පහරදීමේ වාරය අනුරාධපුර කදවුරට ලබාදුන් අතර ඔවුන් පංදුවාර 20 අවසානයේ කඩුළු නවයක් පමණක් දැවී ලකුණු 120 ලබා ගැනීමට සමත්විය. අනුරාධපුර කඳවුර වෙනුවෙන් ස්කොඩ්‍රන් ලීඩර් පී එන් ජී සිල්වා ලකුණු 29ක් ලබා ගත්හ.

ලකුණු 120ක ජයග්‍රාහී ඉලක්කය හඹාගිය චීන වරාය කඳවුර සියළු කඩුලු අහිමිව ලකුණු 110 පමණක් ලබා ගැනීමට හැකිවිය.ලකුණු 25ක් ලබාගත් පයිලට් ඔෆිසර් පොල්ගම්පොල චීන වරාය කණ්ඩායමේ වැඩිම ලකුණු ලාභියා විය.

අනුරාධපුර කඳවුරේෆ්ලයිට් ලෙෆ්ටිනන්ට් ප්‍රනාන්දුපුල්ලෙ හොඳම පන්දු යවන්නා හා තරගාවලියේ වීරයා ලෙස ඇගයීම් ලැබූ අතර අනුරාධපුර කදවුරේ ස්කොඩ්‍රන් ලීඩර් පී එන් ජේ සිල්වා හොඳම පිතිකරු සම්මානය දිනා ගන්නා ලදී

මෙදිනම අන්තර් ඒකක කාන්තා සැහැල්ලු පංදු ක්‍රිකට් තරගාවලිය ද පැවැත් වූ අතර අවසන් වටය සදහා ගුවන් හමුදා දියතලාව කදවුර හා ගුවන් හමුදා අනුරාදපුර කණ්ඩායම සුදුසුකම් ලැබීය.

පලමුවට පංදුවට පහර දුන් දියතලාව කණ්ඩායම සිය පංදුවාර 10 අවසානයේ කඩුලු අටක් සදහා ලකුනු 115 ලබාගත් අතර පිලිතුරු ඉණිම ක්‍රීඩාකල ගුවන් හමුදා කදවුර පංදුවාර 7.2 දී ඉයමිත ඉලක්කය සපුරා ගැනීමට සමත් විය. මේ අනුව අන්තර් ඒකක කාන්තා ශුරතාවලිය මෙවර අනුරාධපුර කණ්ඩායම දිනා ගන්නා ලදී.



airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි