රොටරි වෙරළ අත්පංහු ශූරතාවලිය ගුව හමුදාවට
3:06pm on Thursday 18th October 2012
2012 ඔක්තෝම්බර් මස 05 වන දින ගල්කිස්ස වෙරල තීරයේදී ආරම්භ වුනු රොටරි වෙරල අත්පංදු ශුරතාවලිය දිනා ගැනීමට ගුවන් හමුදා අත්පංදු කණ්ඩායම සමත් විය.මෙම තරගාවලිය ශ්‍රී ලංකා අත්පංදු සංචිතය හා ගල්කිස්ස රොටරි ක්‍රීඩා සමාජය එක්ව සංවිධානය කල අතර මෙහිදී කැපී පෙනෙන දක්ෂතා පෙන්වීමට ගුවන් හමුදා ක්‍රීඩකයින් සමත් විය.

පිරිමි අවසන් වටය සදහා කණ්ඩායම් 04 තෙරී පත් වුනු අතර ඉන් බන්ධනාගාර කණ්ඩායම හා ගුවන් හමුදා කණ්ඩායම අවසන් වටයට තේරී පත් වින.ඉතා තියුනු තරග මුහුනුවරකින් අනතුරුව ගුවන් හමුදා කණ්ඩායම දඩුවම් පහරත් සමග ශූරතාවයට හිමිකම් කීමට හැකි විය.

ශ්‍රී ලංකා අත්පංදු සංචිතයේ සභාපති හේමසිරි ප්‍රනාන්දු මහතා ප්‍රධාන අරාධිත අමුත්තා ලෙස සහභාගිවු අතර ගුවන් හමුදා අත්පංදු සංචිතයේ සභාපති ගෲප් කැප්ටන් ජේ ඒ නානායක්කාර සහභාගි විය.


airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි