කැනේඩියානු මිත්‍රත්ව අභියෝගතා ජූඩෝ ශුරතාවලිය 2012
11:32am on Friday 26th October 2012
කැනේඩියානු තානාපති කාර්යාලය හා චමින්ද වීරසිංහ පහනම හා එක්ව සංවිදානය කරන ලද කැනේඩියානු මිත්‍රත්ව අභියෝගතා ජූඩෝ ශුරතාවලිය 2012 හිමිකම් කීමට ගුවන් හමුදාව නියෝජනය කල ජොඩෝ ක්‍රීඩකයින් සමත් විය.

මෙම තරගාවලිය ඔක්තෝම්බර් මස 19 හා 20 යන දෙදින තුල සුගතදාස ගෘහත්ත ක්‍රීඩාංගනයේදී පැවැත්වූ අතර, දිවයිනේවිවිධ ක්‍රීඩා සමාජ නියෝජනය කරමින් ක්‍රීඩක කීඩිකාවන් 400 ආසන්න පිරිසක් සහභාගි වූහ.

මෙහිදී කාන්තා අන්ශයේ තාක්ෂණය අතින් දක්ෂතම ක්‍රීඩිකාවට හිමි සම්මානය දිනා ගැනීමට ගුවන් හමුදා ක්‍රීඩිකා නායක ගුවන් කාන්තා විජේවර්දන ඩී වයි එල් සමත් වූ අතර, සමස්ත තරගාවලියේම රන් පදක්කම් 15, සිල්වර් පදක්කම් 10 හා ලෝකඩ පදක්කම් 02 දිනා ගැනීමට සමත් විය.


airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි