නායකත්ව ගුණාංග සහ ධනාත්මක චින්තන පාඨමාලාව දියතලාව ගුවන් හමුදා කඳවුරේදී
5:18pm on Wednesday 13th February 2013
විශ්ව විද්‍යාල සුදුසුකම් ලැබූ දරු දැරියන්ගේ නායකත්ව ගුණාංග සහ ධනාත්මක චින්තනය වැඩිදියුණු කිරීම උදෙසා පවත්වනු ලැබූ පාඨමාලාව පසුගිය ජනවාරි මස 31 වන දින නිමාවට පත්විය. මෙම  පාඨමාලාව ගුවන් හමුදා දියතලාව කඳවුරේදී පවත්වන ලදී.

ජනවාරි මස 31 වන දින පැවති සමාප්ති උළෙලකින් නිමාවට පත්වූ මෙම පාඨමාළාව ජනවාරි මස 17 වන දින සිට ජනවාරි මස 31 දින දක්වා පවත්වන ලදී. මෙහිදී සිසු දරු දැරියන් විසින් ඉදිරිපත් කරන ලද සරඹ සංදර්ශනය උළෙල වර්ණවත් කරන ලදී. සරඹ අනෙකුත් අංග පුහුණු කිරීමේ කටයුතු නිළධාරී අණදෙන පුහුණු වින්ග් කමාන්ඩර් එස්.පී.වී.කේ. සේනාධීර නිළධාරීතුමන්ගේ උපදෙස් හා මඟ පෙන්විම මත සිදු කරන ලදී. සරඹ පුහුණු කිරීමේ කටයුතු බලපන්ති සැරයන් රත්නායක සහ බලපන්ති සැරයන් වෙලගෙදර විසින් සිදු කරන ලදී.

මෙම අවස්ථාවට දියතලාව ගුවන් හමුදා කඳවුරේ අණදෙන නිළධාරී ගෲප් කපිතාන් ඩබ්.ඩබ්.පී.ඞී. ප‍්‍රනාන්දු , සබරගමුව විශ්ව විද්‍යාලයේ මහාචාර්ය චන්දන අඩවත්ත මහතා ඇතුළු විශාල පිරිසක් සහභාගී වූහ.
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි