එයාර් චීෆ් මාර්ෂල් ඕ.එම් රණසිංහ
Air Chief Marshal OM Ranasinghe RWP,VSV,USP,ndc,psc
පන්නිපිටියේ ධර්මපාල විද්‍යාලයේ කීර්තිමත් ආදි සිසුවෙකු වූ ඔලිවර් මැතීව් රනසිංහ මැතිතුමා 1968 පෙබරවාරී 07 වන දින සැරයන් නිලයේ ගුවන් ඉයමවකු ලෙස එක්වූයේ තමන් ගුවන් හමුදාවේ නමවන හමුදාපති වරයා වන බව සිහිනෙන් වත් නොසිතමින්ය. දියතලාවේ මූලික පුහුනුව සාර්ථකව හැදැරු මෙතුමා දක්ෂතම වෙඩික්කරුවට හිමි සම්මානයෙන්ද පිදුම් ලැබීය.ඉන් අනතුරුව චීන වරාය ගුවන් හමුදා විධ්‍යාපීඨයට යොමුවූ මෙතුමා චිප්මන්ක්,ඩවු,හ ජ්ට් ප්‍රෝවස්ට් යනා පදවමින් පියසර පුහුන්නුව නිමා කළේ 1969 දී පියාසර ලාංචන ලබමී.

නියමවකු ලෙස කාර්යන් රැසක් ඉටු කළ මෙතුමා ප්‍රවාහන හා හෙලිකොප්ටර් යන අංශ ද්කෙහිම නියමවකු ලෙස කටයුතු කළෙය. මෙතුම අංක් 04 අලගනයේ අනදෙන නිලධාරී ධූරය දරන අතරතුර එම ඒකකය අංක 04 බලගණයය ලෙස 1987 දී උසස් කරනු ලැබීය. අනුරාධපුර ගුවන් හමුදා කදවුරේ අනදෙන නිලධාරී ධුරය හෙබවූ මෙතුමා පසුව මෙහෙයුම් අධ්‍යක්ෂක ධූරයට හා අනතුරුව මාණ්ඩලික ප්‍රධානී තනතුරටද පත් විය. 1994 පෙබරවාරි 17 වන දින එයාර් මාර්ෂල් නිලයට උසස් වීමත් සමග මෙතුමා ගුවන් හමුදාපති ධූරයට පත් විය.

ඇමරිකා එක්සත්ජනපදයේ මැක්ස්වෙල් හි ගුවන් හමුදා කදවුරෙහි ගුවන් මාණ්ඩලික විද්‍යලයෙන් හ ඉන්දියාවේ ජාතික ආරක්ෂක විද්‍යාලයෙන් පුහුනුව ලබා පන්නරය ලද මෙතුමා පෞව කලිෆෝනියාවේ මොන්ටෙරි හිදී ජේෂ්ඨ කළමණාකරන පාඨමලවද හැදැරීය.

සංග්‍රාම භූමියේදී දැක්වූ විශිෂ්ඨ දක්ෂතා අගයනු වස් රණ වික්‍රම පදක්කමෙන්ද දීර්ඝ හ උත්කෘෂ්ඨ සේවය වෙනුවෙන් විශිෂ්ඨ සේවා විභූෂනයෙන් හා උත්තම සේවා පදක්කමෙන්ද පිදුම් ලැබීය.අනතුරුව, 2007 ඔක්තෝම්බර් මස 01 වන දින එයාර් චීෆ් මාර්ෂල් නිලයෙන් උසස් කරනු ලැබුවේ ගුවන් හමුදවටත් රටටත් කල සේවය අගයමිනි.


ආපසු


airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි