ශ්‍රී ලංකා ගුවන් හමුදාව අම්පාර
Ampara Base HQ

ශ්‍රී ලංකා ගුවන් හමුදා කඳවුරෙහි මූලික පරමාර්ථය වනුයේ අහසේ සැරිසරණ සංග්‍රාමික මෙහෙයුම් හෝ වානිජ ගුවන් යානා සඳහා ආරක්ෂාව සැපයීමයි.

තවද මෙම කඳවුර මගින් ගුවන් හා ගොඩබිම් මගින් ක්‍රියාකිරීමද මෙම කඳවුර සතු කාර්ය්‍යකි.

2000 ජූලි මස 24 වන දින සිට රෙජිමේන්තු පුහුණු මථ්‍යස්ථානයක්ද මෙම කඳවුරෙහි ආරම්භ කර ඇති අතර ඒමගින් පහත සඳහන් පාඨමාලාවන් පවත්වනු ලබයි.

මූලික හා උසස් අවිකරු පුහුණු පාසල
ආරක්ෂක ප්‍රවීනතා මූලික පුහුණු පාසල
ගුවන් පිරිස් සඳහා නොනැසී ජීවත්වීමේ පාඨමාලාන
විශේෂ උපාය සහායක කණ්ඩායම් සදහා පුහුණූ පාඨමාලාව

2001 දෙසැම්බර් මස සිට ශ්‍රී ලංකා ගුවන් හමුදා කඳවුරේ ගුවන් කිමිදුම් හා පැරෂට් පුහුණුවීම් සඳහා හෙලීම් පෙදෙසක් ගුවන් හමුදා ඉතිහාසයේ ප්‍රථම වතාවට අම්පාර කඳවුරේදී ඉදි කරනු ලැබීය. අම්පාර කඳවුරේ මෙම පැරෂුට් හෙලීම් පෙදෙස ආරම්භ කිරීමෙන් අනතුරුව එහි දේශීය හා විදේශීය පැරෂුට් භටයින් විශාල ප්‍රමාණයක් පැරෂුට් හෙලීමි සිදු කර ඇත‍.

ශ්‍රී ලංකා ගුවන් හමුදාව අම්පාර කඳවුර ශ්‍රී ලංකා ගුවන් හමුදාව සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා කමාන්ඩෝ පැරෂුට් පුහුණු පාසලෙහි සිදු කරනු ලබන පැරෂුට් හෙලීම් සඳහා අම්පාර කඳවුරේ මෙම හෙලීම් පෙදෙස මහත් පිටුවහලකි. නියමිත දේශගුණික තත්වයක්, පහැදිලි අවකාශයක්, සුදුසු පැමිනීමේ භූමියක් අම්පාර ගුවන් හමුදා කඳවුරේ ඇති අතර එය පැරෂුට් හෙලීම් සඳහා සෑම අතින්ම සුදුසු භූමියකි.

අණදෙන නිලධාරී ගෘප් කැප්ටන් සී වික්‍රමරත්න


ලිපිනය
ගෘප් කැප්ටන් සී වික්‍රමරත්න
අණදෙන නිලධාරී
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
අම්පාර


දුරකථන

+94 11 2441044, 2495495
+94 63 2222029, 2222300

ආපසු


airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි