ශ්‍රී ලංකා ගුවන් හමුදාව මුලතිව්


මානුෂීය මෙහෙයුම් අවසානයත් සමඟම ශ්‍රී ලංකා ගුවන් හමුදාව මුලතිව් හි පිහිටි නන්දිකඩාල් කලපුව ආසන්නයේ කණ්ඩායම් ස්ථාපනය කරන ලදී. මෙම කඳවුර මුලතිව් නගරයේ සිට කි.මී 15 දුරින් කොටි ත්‍රස්ථවාදීන් විසින් භාවිතා කරන ලද ගුවන් පථය අසල ඉදිකර ඇත‍. මෙම කඳවුරහරිත වර්ණයෙන් වැසී ගත් ඝණ වනාන්තරයක් මධ්‍යයේ පිහිටා ඇත. 2009 ජනවාරි මස 26 වන දින අංක 441 රෙජිමේන්තු බලඝණයේ ගුවන් භටයින් 150 දෙනෙකුගෙන් යුතුව ශ්‍රී ලංකා ගුවන් හමුදා පහිනාංකයක් මෙම ස්ථානයේ පිහිට වූ අතර ඒ සඳහා ස්කෝඩ්‍රන් ලීඩර් යූ එස් ආර් එස් ගුණසිංහ අණ දෙන ලදී.



2010 ජුලි මස 19 වන දින ස්කෝඩ්‍රන් ලීඩර් පී ජී බී මැදගේවත්ත විසින් පහිනාංක දෙකක් සමඟ සියලු රාජකාරීන් 2011 පෙබරවාරි මස 01 වන දින විං කමාන්ඩර් එම් පී එස් මාන්නප්පෙරුම හට භාර දුන් අතර ඉන් පසු මෙය අංක 44 පක්ෂාංගය ලෙස නම් කරන ලදී. ඉන් පසු මෙය ක්‍රමානුකූලව විකාශනය කරමින් ස්වාධීනව කඳවුරක් වශයෙන් 2011 අගෝස්තු මස 03 වන දින ගොඩනංවන අතර එහි අණ දෙන නිලධාරියා වූයේ විංග් කමාන්ඩර් එම් පී එස් මාන්නප්පෙරුමයි.

පරිසරයට හිතකාමීව මෙම කඳවුර ගොඩනංවීම සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදා පුද්ගලයින්ගේ දැඩි හා අසීරු වෙහෙසක් ගන්නේය.




ශ්‍රී ලංකා ගුවන් හමුදාව මුලතිව් කඳවුරේ වර්ථමාණ අණ දෙන නිලධාරී විංග් කමාන්ඩර් එම් ජී එම් චන්ද්‍රලාල්
 

ආපසු


airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි