ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ

ජාතික මේසපන්දු තරගාවලියේ ජයග්‍රහන රැසක් ගුවන් හමුදාවට..

2010-03-22 16:40:46
ජාතික මේසපන්දු තරගාවලියේ ජයග්‍රහන රැසක් ගුවන් හමුදාවට..
2010 ශ්‍රේණිගත කිරීමේ ජාතික මේසපන්දු තරගාවලිය මාර්තු මස 20 සහ 21 යන දෙදින තුල ගල්කිස්ස ශාන්ත තෝමස් ගෘහස්ත ක්‍රීඩාගාරයේදී පැවැත්විණි.

මෙහිදී ගුවන් භට රොහාන් සිරිසේන පිරිමි විවෘත කේවල ඉසව්ව
නියෝජනය කරමින් ශ්‍රේණිගත කිරීමේ ප්‍රථම ස්ථානයත් කාන්තා අංශයෙන් ගුවන් කාන්තා ඉෂාරා මධුරංගි දෙවන ස්ථානයත් ලබා ගත්හ.


පිරිමි විවෘත කේවල ඉසව්ව නියෝජනය කරමින් ගුවන් හමුදාවේ රොහාන් සිරිසේන , නාවික හමුදාවේ  ඉන්දික ප්‍රසාද් තරග වට 4-3 ලෙසින්  පරාජය කරමින් ශූරතාවය හිමි කර ගැනීමට සමත් විය.
All Island Ranking Table Tennis Championship 2010
 රොහාන් සිරිසේන

කාන්තා විවෘත කේවල ඉසව්ව නියෝජනය කළ ගුවන් හමුදාවේ ඉෂාරා මධුරංගි අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයේ නවෝද්‍යා ක්‍රීඩිකාව අතින් පරාජයට පත්වූයේ තරග වට 3-4ක් ලෙසිනි. එහි අනුශූරතාවය ඉෂාරා මදුරංගිට හිමිවිය.

කාන්තා අවු 21ට අඩු කේවල ඉසව්ව නියෝජනය කරමින් ඉෂාරා මදුරංගි එම තරගය තරග වට 3-1 ලෙසින් ජය ගැනීමට සමත්වූයේ දේවි බාලිකා විද්‍යාලයේ හෂිනි දිල්හානි පරාජයට පත්කරමිනි
All Island Ranking Table Tennis Championship 2010
    ඉෂාරා මධුරංගි




join-air-force
සිදුවීම්
  • SLAF Rescue Mission
  • Annual Pre-School Concerts 2019
  • School Application List
සේවාවන්
© 2020 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ ඒකකය .සියලු හිමිකම් ඇවිරිණි.