ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ

පාසල් සිසු දරු දැරියන්ට ගුවන් යානා තාක්ෂණික මූලික දැනුම - 2017 දෙසැම්බර් සැසිය අවසන් වෙයි

2018-01-02 13:25:10
පාසල් සිසු දරු දැරියන්ට ගුවන් යානා තාක්ෂණික මූලික දැනුම - 2017 දෙසැම්බර් සැසිය අවසන් වෙයි
ශ්‍රී ලංකා ගුවන් හමුදා කෞතුකාගාරය මගින් පාසල් සිසු දරු දැරියන් උදෙසා පවත්වනු ලැබූ "ගුවන් යානා තාක්ෂණික මූලික දැනුම” 58 වෙනි සැසිය  2017 දෙසැම්බර් මස 28 වන දින රත්මලාන ගුවන් හමුදා කෞතුකාගාරයේදී සාර්ථකව අවසන් විය.

මෙම පුහුණු වැඩසටහන දින තුනේ වැඩසටහන් හතරක් ලෙස 2017 දෙසැම්බර් මාසයේ පාසල් නිවාඩු කාලය තුළ පවත්වනු ලැබූ අතර මෙම වැඩසටහන් සඳහා 6-11 වසරවල පාසල් දරුවන් මහත් උද්යෝගයකින් යුතුව සහභාගී වූහ. පාසල් දරුවන් 70 දෙනෙකුගේ සහභාගීත්වයෙන් පැවති මෙම පුහුණු වැඩසටහනේදී ගුවන් යානා තාක්ෂණයේ විවිධ අංගයන්ගේ මූලික දැනුම ලබාදීම සිදුකරන ලද අතර තවද මෙහිදී න්‍යායාත්මක  ආදර්ශන මෙන්ම ප්‍රායෝගික ක්‍රියාකාරකම් මගින් ද දැනුවත් කිරීම් සිදු කරන ලදී.

සහභාගී වූ දරුවන් සදහා යෞවන ගුවන් සමාජයේ සාමාජිකත්වය ද පිරිනමන ලද අතර මෙම දරුවන්ට ගුවන් සේවා ක්ෂේත්‍රයේ වැඩිදුර දැනුම ලබාගැනීමට උනන්දු කරවීම පිණිස ගුවන් හමුදා කෞතුකාගාරය විසින්  ඉදිරියටත් විවිධ වැඩසටහන් පවත්වනු ලැබේ.

 
සිදුවීම්
  • Air_Symposium
සේවාවන්
© 2018 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ ඒකකය .සියලු හිමිකම් ඇවිරිණි.