ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ

ශ්‍රී ලංකා ගුවන් හමුදා පාපැදි සවාරිය - 2018 පළවෙනි අදියරය

2018-03-08 15:35:26
ශ්‍රී ලංකා ගුවන් හමුදා පාපැදි සවාරිය - 2018 පළවෙනි අදියරය
ශ්‍රී ලංකා ගුවන් හමුදා 67 වන සංවත්සරයට සමගාමීව 19 වන වතාවට සංවිධානය කල ගුවන් හමුදා පාපැදි සවාරිය මාර්තු මස 03 වන දින ගුවන් හමුදා මූලස්ථානය ඉදිරිපිටින් ආරම්භ කරන ලදී. ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති මහතා විසින් ලබාදුන් සංඥාවට අනුව තරඟකරුවන් පුත්තලම දක්වා කි. මී. 124.9 ක් වූ පළමු අදියර ආරම්භ කරන ලදී. ත්‍රිවිධ හමුදාවල ශ්‍රී ලංකා පොලීසිය මෙන්ම ඉන්දියාව පාකිස්ථානය ආදී විදෙස් ක්‍රීඩා සමාජ ඇතුළුව තරඟකරුවන් 170 දෙනෙකු ගුවන් පාපැදි සවාරියේ පළමු අදියර සඳහා සහභාගී වූහ.
 
පළමු අදියරේ ජයග්‍රහණය ශ්‍රී ලංකා වරාය අධ්කාරියේ සජිත් හසන්ත විසින් දිනා ගනු ලැබූ අතර දෙවන සහ තෙවන ස්ථාන පිළිවෙලින් යුධ හමුදාවේ සුපුන් කුමාර හා ශ‍්‍රී ලංකා පොලීසියේ සුදීර නිලංග විසින් දිනා ගන්නා ලදී.

සිදුවීම්
  • Air_Symposium
  • Air_Symposium
  • Air_Symposium
  • Air_Symposium
  • Air_Symposium
  • Air_Symposium
සේවාවන්
© 2018 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ ඒකකය .සියලු හිමිකම් ඇවිරිණි.