ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ

59 වන කණිෂ්ඨ අණ හා මාණ්ඩලික පාඨමාලාව ඇරඹෙයි

2019-01-11 11:03:31
59 වන කණිෂ්ඨ අණ හා මාණ්ඩලික පාඨමාලාව ඇරඹෙයි
59 වන කණිෂ්ඨ අණ හා මාණ්ඩලික පාඨමාලාව 2019 ජනවාරි මස 02 වන දින චීන වරාය ගුවන් හමුදා විද්‍යාපීඨ කණිෂ්ඨ අණ හා මාණ්ඩලික පාසලේදී ආරම්භ විය. පාඨමාලාවේ ආරම්භක උත්සවය අණදෙන නිළධාරී ගෲප් කැප්ටන් එස් ඩී ජී එම් සිල්වා  නිළධාරීතුමන්ගේ මෙහෙයවීමෙන් පවත්වන ලදී. මෙහිදී ප‍්‍රධාන උපදේශකතුමන් සහ සෙසු උපදේශක වරුන් විසින් ශිෂ්‍ය නිළධාරීන් හට පාඨමාලාවේ වැදගත්කම පිළිබඳව දැනුම්වත් කරන ලදී.

ශ‍්‍රී ලංකා ගුවන් හමුදාවේ ස්කොඞ්රන් ලීඩර් සහ ෆ්ලයිට් ලෙෆ්ටිනන්ට් නිළයේ නිලධාරීන් 22 දෙනෙක්ල ශ‍්‍රි ලංකා යුධ හමුදාවේ හා නාවික හමුදාවේ නිලධාරීන් 02 සහ පාකිස්තානු ගුවන් හමුදාවේ එක් නිළධාරීවරයෙකු සති 14 ක් පුරා පැවැත්වෙන මෙම පාඨමාලාව හදාරනු ලබයි. පාඨමාලාව 2019 ජනවාරි මස 02 සිට  අපේ‍්‍රල් මස 02 වන දින  දක්වා පැවැත්වේ. මෙවර පාඨමාලාව සඳහා චීනයේ හමුදා නිළධාරීවරයෙකු සහභාගී විමට නියමිත අතර එය පාඨමාලා ඉතිහාසයේ ප‍්‍රථම චීන සහභාගීත්වයද වේ.


සිදුවීම්
  • Annual Pre-School Concerts 2019
  • Guwan Hamuda Papedi Sawariya -2020
සේවාවන්
© 2020 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ ඒකකය .සියලු හිමිකම් ඇවිරිණි.