ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ

ශ්‍රී ලංකා ගුවන් හමුදා රත්මලාන කදවුරු තොරතුරු තාක්ෂණ පක්ෂාංගය සිය 6 වන සංවත්සරය සමරයි

2019-03-28 11:19:46
ශ්‍රී ලංකා ගුවන් හමුදා රත්මලාන කදවුරු තොරතුරු තාක්ෂණ පක්ෂාංගය සිය 6 වන සංවත්සරය සමරයි
ශ්‍රී ලංකා ගුවන් හමුදා රත්මලාන කදවුරු තොරතුරු තාක්ෂණ පක්ෂාංගය ආගමික හා සමාජීය කටයුතු වලට ප්‍රමුඛස්ථානයක් ලබාදෙමින් 2019 මාර්තු මස 11 වැනි දින ඔවුන්ගේ 6 වන සංවත්සරය සමරන ලද අතර රත්මලාන ගුවන් හමුදා කඳවුරේදී අණදෙන නිළධාරී ස්කොඩිරන් ලීඩර් එම් එම් ධර්මවීර  මහතා ඉදිරියේ වැඩ පෙළපාලියක් ද පවත්වන ලදී.
 
ඒ අනුව මාර්තු මස 05 දින නාරාහේන්පිට ලේ බැංකුව වෙත ලේ පරිත්‍යාග කිරිමක්  සිදුකරන ලද අතර 2019 මාර්තු මස 06 වන දින තොරතුරු තාක්ෂණ පක්ෂාංග පරිශ‍්‍රයේදී පක්ෂාංගයේ සියලුම සේවා පුද්ගලයින්ට ආශිර්වාද පතා ධර්ම දේශනා පින්කමක් හා රත්මලාන අශෝකාරාම විහාරය මූලික කරගනිමින් ශ‍්‍රමදාන ව්‍යාපාරයක්ද සංවිධානය කරන ලදී.

2018 මාර්තු මස 11 වැනි දින සැමරුමට සමගාමීව සුහද ක‍්‍රිකට් තරඟයක් පක්ෂාංග සාමාජිකයන්ගේ සහභාගීත්වයෙන් පවත්වන ලදී.

සිදුවීම්
  • Sinhala Tamil New Year
  • Jeewitayata Idadenna
  • SLAF Celebrates 68th Anniversary
  • Colombo Air Symposium 2019
SLAF Situation Report
සේවාවන්
© 2019 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ ඒකකය .සියලු හිමිකම් ඇවිරිණි.