ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ

45 වෙනි අධිකාරී නොලත් නිළධාරීන්ගේ කළමණාකරන පාඨමාලාව විසිර යයි

2011-03-15 12:14:03
45 වෙනි අධිකාරී නොලත් නිළධාරීන්ගේ කළමණාකරන පාඨමාලාව විසිර යයි
පුරා මාස තුනක් මුළුල්ලේ ත්‍රිකුණාමලය, චීන වරාය ගුවන් හමුදා විද්‍යා පීඨයේ පැවති අධිකාරී නොලත් නිළධාරීන්ගේ කළමණාකරන පාඨමාලාව හැදැරූ අධිකාරී නොලත් නිළධාරීන් 79 දෙනෙකු පසුගිය මාර්තු 14 වන දින විසිර ගියහ.

රජරට විශ්වවිද්‍යාලයට අනුබද්ධිත මෙම පාඨමාලාව හැදැරූ 79 දෙනා අතරට ගුවන් හමුදා ජේෂ්ඨ අධිකාරී නොලත් නිළධාරීන් 38 දෙනෙකු, කණිෂ්ඨ අධිකාරී නොලත් නිළධාරීන් 39 දෙනෙකු සහ නාවික හමුදා සුළු නිළධාරීන් 02 ඇතුලත් වුහ.

අධිකාරී නොලත් නිළධාරීන්ගේ කළමණාකරන පාසලේ ශ්‍රවණාගාරයේ පැවති මෙම සම්මාන ප්‍රධානෝත්සවය සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස වැඩබලන පරීක්ෂන හා ආරක්ෂන අධ්‍යක්ෂක එයාර් කොමදෝරු කේ.ඩී.යු. චන්ද්‍රතිලක සහභාගී විය. තවද ත්‍රිකුණාමලය, චීන වරාය ගුවන් හමුදා විද්‍යාපීඨයේ සේනා විධායක එයාර් වයිස් මාෂල් කේ.වී.බි. ජයම්පති ඇතුළු උසස් නිළධාරීන්  රැසක් මෙම උත්සවය සඳහා සහභාගී විය.

සති දහයකට අධික කාලයක් පුරාවට, පුළුල් විෂය මාලාවකින් සන්නද්ධව නායකත්වය පිළිබඳ විශිෂ්ඨයින් වෙමින් ඔවුන් විසිර ගියහ. මෙම පාඨමාලාවේ සෑම අතින්ම දක්ෂ ජ්‍යෙෂ්ඨ අණනොලත් නිළධාරී ලෙස ගගණ ඉංජිනේරු වෘත්තියෙන් සේවයේ නියුතු බලපන්ති සැරයන් විජේසෝම සම්මාන ලැබූ අතර සැම අතින්ම දක්ෂ කණිෂ්ඨ අණනොලත් නිළධාරී ලෙස ගිණුම් ලිපිකරු වෘත්තියෙන් සේවයේ නියුතු කෝප්‍රල් පුෂ්පකුමාර සම්මාන ලැබීය.  

කළමණාකරන පාසලේ අණදෙන නිළධාරී ලෙස විංග් කමාන්ඩර් ටී.වී.ඩී දේශප්‍රිය කටයුතු කරන අතර ප්‍රධාන උපදේශක ලෙස බලඝණ නායක පී.එන්. ජයවික්‍රම කටයුතු කරනු ලබයි. බලඝණ නායක එ.එස්. වැලිසර, බලඝණ නායක ආර්.එස්.ඒ.එන්.ඊ රාජපක්ෂ සහ බලඝණ නායක ජේ.බි. පුස්සදෙනිය උපදේශකයින් ලෙස කළමණාකරන පාසලේ සේවය කරනු ලබයි.



සිදුවීම්
  • The 9 Day Revolution @ IDH
  • Marshal of The Sri Lanka Air Force Roshan Gunathileke Visits SLAF Establishments
  • Sri Lanka Air Force Blood Donation Campaign
  • Role of the SLAF against of Covid-19
  • Contribution of the Armed Forces to the Suppression of Covid-19
සේවාවන්
© 2020 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ ඒකකය .සියලු හිමිකම් ඇවිරිණි.