airforce_logo
SRI LANKA AIR FORCE
GUARDIANS OF THE SKIES

ශී‍්‍ර ලංකා ගුවන් හමුදා හෙලිකොප්ටර් බලඝණයක් එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරීන් සදහා දකුණු සුඩානය බලා පිටත්වෙි.

Published on: 2015-07-17 08:13:31
ශී‍්‍ර ලංකා ගුවන් හමුදා හෙලිකොප්ටර් බලඝණයක් එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරීන් සදහා දකුණු සුඩානය බලා පිටත්වෙි.
ශී‍්‍ර ලංකා ගුවන් හමුදා වංශකතාව තවත් වැදගත් සන්දිස්ථානයකට යොමු කරමින් දෙවන වරටත් එමි අයි 17 හෙලිකොප්ටර් යානා තුනක් ක් හා 23 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක්් ඒ එන් 124 ගුවන් යානයකින් 2015 ජුලි මස 07 වන දින උගන්ඩාව බලා ප‍්‍රවාහනය කර ඇත.
එම් අයි 17 හෙලිකොප්ටර් යානා තුනක් සමගින් නියමුවන් ගුවන් යානා ඉංජිනේරුවන් සහ 104 ක කාර්ය මණ්ඩලයක් මෙම රාජකාරි සඳහා පිටත්ව යාමට නියමිතව ඇතග මෙම බලඇණියේ පුධාන අණදෙන්නා ලෙස විංග් කමාණ්ඩර් විශ්ව සාමන්ත කටයුතු කරනු ලැබේ.
මෙහි මුල් කණ්ඩායම ලෙස ගුවන් හමුදා නිළධාරීන් 02 ක්ද ගුවන් භටයින් 10 ක් සහ  එම් අයි 17 හෙලිකොප්ටර් යානා තුනක් :3* ක්ල ඒ එන් 124 ගුවන් යානයකින් 2015 ජුනි මස 06 වන දින ප්‍රවාහනය කර ඇතග එදින මුලික බඩු පැටවීෙමි කාර්ය ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කෝලිත ගුණතිලක මහතාගේ අධීක‍ෂණය යටතේ පස්වන දින ගුවන් හමුදා කටුනායක කදවුරේදී සිදු කෙරුණි.
මෙම එක්සත් ජාතීන්ගේ රාජකාරින් සඳහා තෝරාගැනීම සඳහා රටවල් රාශියක් අයදුම් කලද ඔවුන් අභිබවා මෙම අනගි අවස්ථාව හිමි කර ගැනීමට ශ්‍රී ලංකාව සමත්විණීග නියමුවන්ගේ පරිණතභාවය තාක‍ෂණික දැනුම සහ පලපුරුදු භට පිරිස්වල විනය ගරුක බව සහ වෘත්තීය නිපුණත්වය යන අංගයන් පිළිබඳව කරනු ලැබූ සියුම් පරික‍ෂණයන් අවසානයේදී ගුවන් හමුදාවට මෙම අවස්ථාව ලබාගැනීමට හැකියාව ලැබුණී.
ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ මෙම වෘත්තීමය සාර්ථකත්වය ගුවන් හමුදාවට පමණක් නොව සමස්ථ ශ්‍රී ලංකාවටම ජයග්‍රහණයක් වන අතර ලාංකීය හමුදාවන් පිළිබඳව අන්තර්ජාතිකව තිඛෙන විශ්වාසය සහ පිළිගැනීම මෙමගින් තවදුරටත් තහවුරු වේ.
භට පිරිස් ප්‍රවාහනයල ප්‍රභූ පුද්ගල ප්‍රවාහනයල ආහාරපානරැුභාණ්ඩ ප්‍රවාහනයල අභ්‍යන්තර ගුවන් ගමන්ල පැරෂුට් පැනීම්ල වෛද්‍ය ප්‍රවාහන කටයුතු සඳහා ගුවන් හමුදා හෙලිකොප්ටර් යානා බලඝණය තම සක්‍රීය දායකත්වය මෙහිදී ලබා දෙනු ඇත.



 
EVENTS
  • Air_Symposium
  • Air_Symposium
  • Air_Symposium
  • Air_Symposium
  • Air_Symposium
  • Air_Symposium
  • Air_Symposium
  • Air_Symposium
join-air-force
SERVICES
helitours
eagles-bay-view
china_bay
eaglesgolf-anuradhapura
lagoonview
marblebeach
material-laboratory
eagles-bay-view
souvenir-shop
Copyright @ 2017 - Sri Lanka Air Force Information Technology Unit. All rights reserved