airforce_logo
SRI LANKA AIR FORCE
GUARDIANS OF THE SKIES

ගුවන් හමුදා අවුරුදු පොළ 2011

Published on: 2011-04-08 18:52:24
ගුවන් හමුදා අවුරුදු පොළ 2011
ගුවන් හමුදාපති එයාර් මාෂල් හර්ෂ අබේවික්‍රම මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ගුවන් හමුදා අවුරුදු පොළ අද (08) දින කොළඹ ගුවන් හමුදා කදවුරේදී පැවැත් විය.

සැම අවුරුද්දකම උත්සව සමය ඉලක්ක කර ගනිමින් සිවිල් සහ සේවා පුද්ගලයින් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් වෙනුවෙන් අඩු මිලට සහ උසස් තත්වයේ භාණ්ඩ සැපයීම මෙම අවුරුදු පොළ පැවැත්වීමෙහි මූලික අරමුණු විය. එක් එක් ගුවන් හමුදා කදවුරු වෙනුවෙන් වෙන වෙනම වෙළද කුටි වෙන්කර තිබූ අතර විශාල පිරිසක් භාණ්ඩ මිලදී ගැනීමෙහි නිරතවනු දක්නට ලැබුනි.

උත්සවයේ ප්‍රධාන අමුත්තන් ලෙස ගුවන් හමුදාපති එයාර් මාෂල් හර්ෂ අබේවික්‍රම සහ එම මැතිනිය නීලීකා අබේවික්‍රම,සුභ සාධක අධ්‍යක්ෂ එයාර් වයිස් මාර්ෂල් ඩ්බ් ඒ සිල්වා,ගුවන් හමුදා කොළඹ කදවුරු අණදෙන නිලධාරී ගුවන් කොමදෝරු විජිත ගුණරත්න ඇතුළු ගුවන් හමුදා අධ්‍යක්ෂ මණ්ඩලය, නිළධාරින්, සහ සෙසු නිළයන්, සිවිල් සේවකයින් සහ ඔවුන්ගේ පවුල් වල සාමාජිකයින් මෙම අවස්ථාවට සහභාගි විය.

EVENTS
  • Sinhala Tamil New Year
  • Passing Out Parade at SLAF Combat Training School Diyatalawa - Commander's Speech
  • Jeewitayata Idadenna
  • SLAF Celebrates 68th Anniversary
  • Colombo Air Symposium 2019
join-air-force
join-air-force
SLAF_Notices
SERVICES
helitours
eagles-bay-view
china_bay
eaglesgolf-anuradhapura
lagoonview
marblebeach
material-laboratory
eagles-bay-view
souvenir-shop
© 2019 - Sri Lanka Air Force Directorate of Information Technology. All rights reserved