ගුවන් හමුදා අවුරුදු පොළ 2012

Published on: 2012-04-16 11:55:56
ගුවන් හමුදා අවුරුදු පොළ 2012
ගුවන් හමුදාපති එයාර් මාෂල් හර්ෂ අබේවික්‍රම මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ගුවන් හමුදා අවුරුදු පොළ අද (11) දින රත්මලාන ගුවන් හමුදා කදවුරේදී පැවැත් විය.

සැම අවුරුද්දකම උත්සව සමය ඉලක්ක කර ගනිමින් සිවිල් සහ සේවා පුද්ගලයින් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් වෙනුවෙන් අඩු මිලට සහ උසස් තත්වයේ භාණ්ඩ සැපයීම මෙම අවුරුදු පොළ පැවැත්වීමෙහි මූලික අරමුණු විය. එක් එක් ගුවන් හමුදා කදවුරු වෙනුවෙන් වෙන වෙනම වෙළද කුටි වෙන්කර තිබූ අතර විශාල පිරිසක් භාණ්ඩ මිලදී ගැනීමෙහි නිරතවනු දක්නට ලැබුනි.

උත්සවයේ ප්‍රධාන අමුත්තන් ලෙස ගුවන් හමුදාපති එයාර් මාෂල් හර්ෂ අබේවික්‍රම සහ එම මැතිනිය නීලීකා අබේවික්‍රම,සුභ සාධක අධ්‍යක්ෂ එයාර් වයිස් මාර්ෂල් ඩ්බ් ඒ සිල්වා,ගුවන් හමුදා රත්මලාන කදවුරු අණදෙන නිලධාරී ඇතුළු ගුවන් හමුදා අධ්‍යක්ෂ මණ්ඩලය, නිළධාරින්, සහ සෙසු නිළයන්, සිවිල් සේවකයින් සහ ඔවුන්ගේ පවුල් වල සාමාජිකයින් මෙම අවස්ථාවට සහභාගි විය.

Upcoming Events

26.05.13 Wesak Bodu Bathi Gee Saraniya 2013
28.05.13 Inter Unit Hokey Tournament

SLAF HIGHLIGHTS