இலங்கை விமானப்படை
வானத்தில் பாதுகாவளர்கள்

සේවා පුද්ගලයන්ගේ පාසල් අවසන් කල දියණියන් යහපත් ගෘහණියන් වශයෙන් සම්පූර්ණ කිරීමේ හයවන පාඨමාලාව අවසන් වෙයි

Published on: 2019-04-01 09:01:42
සේවා පුද්ගලයන්ගේ පාසල් අවසන් කල දියණියන් යහපත් ගෘහණියන් වශයෙන් සම්පූර්ණ කිරීමේ හයවන පාඨමාලාව අවසන් වෙයි
සේවා පුද්ගලයන්ගේ පාසල් අවසන් කල දියණියන් යහපත් ගෘහණියන් වශයෙන්  සම්පූර්ණ කිරීමේ හයවන පාඨමාලාව අවසාන කිරීමේ උත්සවය 2019 මා්ර්තු මස 16 වන දින ඒකල ගුවන් හමුදා වෘත්තීය පුහුණු පාසල් ශ‍්‍රවණාගාරයේදී සිදු කරන ලදී. ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී අනෝමා ජයම්පති මහත්මිය ප‍්‍රධාන ආරාධිත අමුත්තිය වශයෙන් මෙම අවස්ථාවට සහභාගී වූවාය. එහිදී එතුමිය විසින් පාඨමාලාව හැදෑරූ සිසුවියන්ට සහ උපදේශකයින් හට සහතික පත් සහ ත්‍යාග ප‍්‍රදානය කිරීම සිදු කරන ලදී.

මෙහිදී ශ‍්‍රී ලංකා ගුවන් හමුදාවේ සේවයේ නියුතු හා සේවයෙන් විශ‍්‍රාම ගන්නා ලද සේවා පුද්ගලයන්ගේ පාසල් අධ්‍යාපනය අවසන් කල සිසුවියන්  සහ ගුවන් කාන්තාවන් 16 දෙනෙකුගෙන් සමන්විතව 19 දෙනෙකු විසින් පාඨමාලාව අවසන් කර සහතික පත් ලබා ගන්නා ලදී. ගුවන් හමුදා  සුභ සාධක අධ්‍යක්‍ෂිකා එයාර් වයිස් මාර්ෂල් පීඩීඒ මාරිස්ටෙලා සහ ඒකල වෘත්තීය පුහුණු පාසලේ අණදෙන නිළධාරීතුමන්, නිළධාරීන්, සෙසු නිළයන් සහ සිසුවියන් මෙම අවස්වට සහභාගී වූහ. ගුවන් හමුදා විශ‍්‍රාමික ගුවන් කාන්තා සංගමයේ සභාපතිනී සැරයන් නවරත්න (විශ‍්‍රාමික) සහ බලලත් නිළධාරී ඒ ජවහිර් (විශ‍්‍රාමික) මෙම අවස්ථාවට සහභාගී විය.

මෙම පාඨමාලාව ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති මහතාගේ සංකල්පයකට අනුව පවත්වනු ලබන අතර සති අන්ත 08 ක් පුරා සමාජ සදාචාරය, සන්නිවේදන කලාව, රූපලාවන්‍ය ශිල්පය, පෝෂණය සහ පෞද්ගලික ස්වස්ථතාව,  නැටුම්, ඉවුම් පිහුම් ක‍්‍රම හා ඇදුම් මැසීම ආදි අංශ ගණනාවක් ආවරණය කරණු පාඨමාලාව පවත්වනු ලැබේ.

මේ සඳහා ගුවන් හමුදා සේවයේ නියුතු සහ සේවයෙන් විශ‍්‍රාම ගන්නා ලද සේවා පුද්ගලයන්ගේ දුවණියන්, සේවා පුද්ගලයින්ගේ නව විවාහක බිරින්දෑවරුන්, ගුවන් කාන්තාවන් සඳහා ඉල්ලුම් කළ හැකි වෙයි. එසේම ගාස්තුවකට යටත්ව  සිවිල් කාන්තාවන් සීමිත ගණනකට අයදුම් කළ හැකිවේ.

වැඩි විස්තර සඳහා අමතන්න

ගෲප් කැප්ටන් එම්ජේආර් පෙරේරා 0772229117
ගෲප් කැප්ටන් ජීඑච්පී නානායක්කාර 0714163633
විංග් කමාන්ඩර් එම්සී ගමගේ 0772229283

 
நிகழ்ச்சிகள்
சேவைகள்
பதிப்புரிமை @ 2017 - இலங்கை விமானப்படையின் தகவல் தொழிநுட்ப பிரிவு. அனைத்து உரிமைகளும் பாதுகாக்கப்பட்டவை