இலங்கை விமானப்படை
வானத்தில் பாதுகாவளர்கள்

අංක 61 කණිෂ්ඨ අණ හා මාණ්ඩලික පාඨමාලාවේ උපාධි ප‍්‍රදානෝත්සවය

Published on: 2019-09-09 18:46:57
අංක 61 කණිෂ්ඨ අණ හා මාණ්ඩලික පාඨමාලාවේ උපාධි ප‍්‍රදානෝත්සවය
අංක 61 කණිෂ්ඨ අණ හා මාණ්ඩලික පාඨමාලාවේ උපාධි ප‍්‍රදානෝත්සවය 2019 සැප්තැම්බර් මස 05 වන දින ශී‍්‍ර ලංකා ගුවන් හමුදා චීන වරාය විද්‍යාපීඨ ඇස්ට‍්‍රා ශාලාවේදී පැවැත්විණි.

ශී‍්‍ර ලංකා ගුවන් හමුදා පුහුණු අධ්‍යක්ෂ එයාර් වයිස් මාර්ෂල් එම් ඩී ඒ පී පායේ ප‍්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මෙම අවස්ථාවට සහභාගී විය. තවද මෙම අවස්ථාවට  එක්සත් රාජධානියේ තානාපති කාර්යාලයේ නියේජ්‍ය ආරක්‍ෂක නියෝජිත ඇතුලු දූත කණ්ඩායමක් සහ  ශ‍්‍රී ලංකා නාවික හමුදාවේ හා පොලීසියේ  නිළධාරීහු  පිරිසක්ද සහභාගී වූහ.
 
මෙම පාඨමාලාව සති 11 ක් පුරාවට පැවැත්වුනු අතර නිලධාරීන් 27 දෙනෙකු විසින් මෙම පාඨමාලාව හදාරන ලදී.ශී‍්‍ර ලංකා ගුවන් හමුදාවේ නිළධාරින් 22 ශී‍්‍ර ලංකා නාවික හමුදාවේ නිළධාරීන් 02 සහ බංග්ලාදේශ ,එක්සත් රාජධානියේ  සහ  ඉන්දියන්  ගුවන් හමුදාවන්හි නිළධාරියෙකු බැගින් මෙම පාඨමාලාව සදහා සහභාගී වී සිටියහ.

කණිෂ්ඨ අණ හා මාණ්ඩලික පාඨමාලාව කැලණිය විශ්ව විද්‍යාලයේ අනුමත කර ඇති අතර අවශ්‍ය සුදුසුකම් සපුරාලන නිළධාරීන් හට ආරක්ෂක කළමනාකරණය පිළිබඳ පශ්චාත් උපාධි ඩිප්ලෝමාවක්ද ලබා දීමට නියමිතය.

එදින රාත‍්‍රී පැවැත්වූ සුහද සාදය සඳහාද පාඨමාලාවේ උපාධි ලාභීන් ඇතුළු පිරිසක් සහභාගී විය.

උපාධි ප‍්‍රදානෝත්සවයේදී විශේෂ සම්මාන ලබාගත් නිලධාරීන්ගේ නාම ලේඛණය ඉංගී‍්‍රසි පරිවර්ථනයේ බලන්න.


join-air-force
நிகழ்ச்சிகள்
  • SLAF Rescue Mission
  • Annual Pre-School Concerts 2019
  • School Application List
சேவைகள்
பதிப்புரிமை @ 2017 - இலங்கை விமானப்படையின் தகவல் தொழிநுட்ப பிரிவு. அனைத்து உரிமைகளும் பாதுகாக்கப்பட்டவை