இலங்கை விமானப்படை
வானத்தில் பாதுகாவளர்கள்

ශ‍්‍රී ලංකා ගුවන් හමුදා මූලස්ථානයේ ගුවන් හමුදාධිපතිතුමන්ගේ පරීක්‍ෂණය

Published on: 2019-11-14 12:03:14
ශ‍්‍රී ලංකා ගුවන් හමුදා මූලස්ථානයේ ගුවන් හමුදාධිපතිතුමන්ගේ පරීක්‍ෂණය
ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුමංගල ඩයස් මහතා ශ‍්‍රී ලංකා ගුවන් හමුදා මූලස්ථානය පසුගිය නොවැම්බර් මස 14 වන දින සිය පරීක්‍ෂණයට භාජනය කරන ලදී.

කොළඹ ගුවන් හමුදා කඳවුරු අණදෙන නිළධාරී එයාර් වයිස් මාර්ෂල් කැමිලස් ලැබ්රෝයි මහතා විසින් ගුවන් හමුදාධිපතිතුමන් පිළිගන්නා ලදී. මෙහිදී උත්තමාචාර පෙළපාලියක් මගින් ගුවන් හමුදාධිපතිතුමන් වෙත උත්තමාචාර පුදකරන ලද අතර ප්‍රධාන බලලත් නිළධාරී 1, බලලත් නිළධාරීන් 6, ජ්‍යේෂ්ඨ අධිකාරී නොලත් නිළධාරීන් 22 ක්, කණිෂ්ඨ අධිකාරී නොලත් නිළධාරීන් 5 ක් නායක ගුවන් භටයින් 2 සහ සිවිල් සේවක මහත්ම මහත්මීන් 8 දෙනෙකු හට ඔවුන් දක්වන ලද විශිෂ්ඨ කාර්ය භාරය වෙනුවෙන් ගුවන් හමුදාධිපතිතුමන්ගේ ඇගයීමට ලක්කෙරිණි.

ගුවන් හමුදාධිපතිතුමන් ගුවන් හමුදා මූලස්ථානයේ සියළුම් අධ්‍යක්‍ෂකයන් ඇතුළු සියළුම අංශයන් සිය පරීක්‍ෂණයට ලක්කරන ලද අතර මූලස්ථානය පරීක්‍ෂනයෙන් අනතුරුව ගුවන්පුර ගුවන් හමුදා කඳවුරු පරිශ‍්‍රය වෙත සිය පරීක්‍සණය සඳහා පිටත්ව යන ලදී.


நிகழ்ச்சிகள்
  • The 9 Day Revolution @ IDH
  • Marshal of The Sri Lanka Air Force Roshan Gunathileke Visits SLAF Establishments
  • Sri Lanka Air Force Blood Donation Campaign
  • Role of the SLAF against of Covid-19
  • Contribution of the Armed Forces to the Suppression of Covid-19
சேவைகள்
பதிப்புரிமை @ 2017 - இலங்கை விமானப்படையின் தகவல் தொழிநுட்ப பிரிவு. அனைத்து உரிமைகளும் பாதுகாக்கப்பட்டவை