இலங்கை விமானப்படை
வானத்தில் பாதுகாவளர்கள்

'Eagles Lagoon View' උත්සව ශාලාව ජනපති අතින් විවෘත වෙයි

Published on: 2013-03-04 14:33:18
'Eagles Lagoon View' උත්සව ශාලාව ජනපති අතින් විවෘත වෙයි
ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් හර්ෂ අබේවික්‍රම මැතිදුන්ගේ සංකල්පයකට අනුව කටුනායක ගුවන් හමුදා කඳවුර අසල දර්ශනීය කලපු තීරයේ ඉදිකරන ලද 'Eagles Lagoon View' උත්සව ශාලාව අතිගරු ජනාධිපති මහින්ද රාජපක‍ෂ මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් මාර්තු මස 02 වන දින විවෘත කරන ලදී.
 
මෙම උත්සව ශාලාව වර්ග අඩි 23000ක ප්‍රමාණයෙන් විශාල වන අතර වර්ග උඩි 9000ක භෝගනාගාරයක් ඇතුළුවල ඡායා රූප ශාලාවක්ල මනාලියන් හැඩගැන්වීමේ පහසුකමි ඇති කාමරල විවේකාගාර ආදී නොයෙකුත් පහසුකමි මෙම උත්සව ශාලාව සතුව පවති.

මෙම උත්සව ශාලාව සේවා පුද්ගලයින්ට මෙන්ම සිවිල් පුද්ගලයින්ගේ විවාහ මංගල්‍යයන් ඇතුලු සියලුම උත්සව කටයුතු වෙනුවෙන් වෙන්කර ගැනී පහසුකම පවතී.මෙම උත්සවය සඳහා ආරක‍ෂක ලේකමි තුමන්, යුධ හමුදාපති ලුතිනන් ජෙනරාල් ජගත් ජයසූරිය, නාවික හමුදාපති වයිස් අද්මිරාල් ජයනාත් කොළඹගේ, පාර්ලිමේන්තු මන්ත්‍රීන්, ගුවන් හමුදා අධ්‍යක‍ෂක මණ්ඩලය සහ සේවා වනිතා ඒකකයේ සභාපතිනී නලීකා අබේවික්‍රම මැතිනිය මෙම අවස්තාව වෙනුවෙන් සහභාගී විය.

நிகழ்ச்சிகள்
  • Sinhala Tamil New Year
  • Jeewitayata Idadenna
  • SLAF Celebrates 68th Anniversary
  • Colombo Air Symposium 2019
சேவைகள்
பதிப்புரிமை @ 2017 - இலங்கை விமானப்படையின் தகவல் தொழிநுட்ப பிரிவு. அனைத்து உரிமைகளும் பாதுகாக்கப்பட்டவை