Terms & Conditions: Please note that 1.5% will be added to the above amount as service charge.
This facility only available from 15 October to 31 December and 15 April to 30 June every year.
×

සාමාජිකත්ව ගෙවීම් විධිවිධාන

අ. ඔබගේ පෞද්ගලික කැමැත්ත පරිදි සාමාජිකත්වය පවත්වාගෙන යා හැකි අතර, එහිදී ඊට අදාල සාමාජික ගාස්තු ඉදිරි මාස 06 සිට මාස 60 දක්වා කාල පරිච්ජේදයන් සඳහා ගෙවීම් සිදුකල හැක.


ආ. සාමාජික ගාස්තු ගෙවීම් කාලපරිච්ජේදය ඔක්තෝබර් මස 15 වන දින සිට දෙසැම්බර් මස 31 දින දක්වා සහ අප්‍රේල් මස 15 වන දින සිට ජූනි මස 30 වන දින ඇතුලත ගෙවීම් කිරීමට කටයුතු කල යුතුය.


ඇ. එමෙන්ම නිශ්චිත කාලපරිච්ජේදය තුල සාමාජික මුදල් ගෙවීම් කිරීමට නොහැකි වූ අවස්ථාවන් වලදී සහ අක්‍රමවත් ලෙස ගෙවීම් සිදුකර ඇති අවස්ථාවකදී දඩ මුදලකට යටත්ව සාමාජිකත්වය නැවත ලබා ගත හැකි අතර, ඒ සදහා ක්‍රියා කල යුතු ආකාරය පහත පරිදි වේ.

  1. ගුවන් හමුදා විශ්‍රාමික සාමාජිකයා විසින් ගගනවිරු සවිය සුභසාධක අරමුදලේ විශ්‍රාමික සාමාජිකත්වය ලබා දෙන ලෙස අධ්‍යක්ෂක ජෙනරාල් සෙෳඛ්‍ය සේවා වෙත ලිඛිත ඉල්ලීමක් කල යුතුය.
  2. ඒ අනුව ගුවන් හමුදා සෙෳඛ්‍ය සේවා අධ්‍යක්ෂකය මගින් ලබා දෙන උපදෙස් අනුව වෛද්‍ය පරීක්ෂණයකට ඉදිරිපත් විය යුතුය.
  3. වෛද්‍ය පරීක්ෂණ වාර්තා සඳහා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකයේ අනුමැතිය ලැබීමෙන් අනතුරුව පහත දක්වා ඇති පරිදි දඩ මුදල සමග වාරික මුදල ගෙවීම සිදු කල යුතුය.
ප්‍රමාද කාලය දඩ මුදල (රු.)
මාස තුන (03) කට අඩු 3,300.00
මාස තුන (03) සිට මාස හය (06) දක්වා 6,600.00
මාස හය (06) සිට මාස නවය (09) දක්වා 9,900.00
මාස නවය (09) සිට අවුරුද්දක් (අවු:01) දක්වා 13,200.00

සැ.යු: සාමාජික මුදල නොගෙවා මාස 12 කාලසීමාව ඉක්මවා ගිය පසු සාමාජිකත්වය පෙර දැනුම්දීමකින් තොරව අවසන් වන අතර, නැවත සාමාජිකත්වය ලබාදීම සිදු කරනු නොලබයි.


ඈ. සාමාජික මුදල් ගෙවීම සඳහා ගුවන් හමුදා මූලස්ථානයේ විධායක සුභසාධක අරමුදල (CWF) වෙතින් ඔබ වෙත ලබා දී ඇති මහජන බැංකුවෙහි තමාට හිමි කේත අංකය (Swift Code) නිවැරදිව සඳහන් කර සෘජු තැම්පත් කිරීම මගින් සහ ගුවන් හමුදා වෙබ් අඩවියෙහි (www.airforce.lk) සේවා (Services) තුළ අන්තර්ගත ගඟනවිරු සවිය ගෙවීම් ක්‍රමය (GVS Payment Gateway) වෙත පිවිසීම තුලින් සිදු කල හැක.


ඉ. ඔබ විසින් විශ්‍රාම යාමේදී ලබා දී ඇති තොරතුරු වල යම් වෙනසක් සිදුවන්නේ නම් කඩිනමින් ඒ සම්බන්ධයෙන් ගගනවිරු සවිය අරමුදල් අංශයේ දුරකථන අංක 0112433185 හෝ [email protected] වෙත දැනුවත් කල යුතුය.