This facility only available from 15 October to 31 December and 15 April to 30 June every year.
මෙම මාර්ගගත පද්ධතිය සක්‍රියව පවතිනු ලබන්නේ සෑම වසරකම ඔක්තෝබර් මස 15 වන දින සිට දෙසැම්බර් මස 31 වන දින දක්වා සහ අප්‍රේල් මස 15 වන දින සිට ජූනි මස 30 වන දින දක්වා පමණි.
×

සාමාජිකත්ව ගෙවීම් විධිවිධාන

අ. ඔබගේ පෞද්ගලික කැමැත්ත පරිදි සාමාජිකත්වය පවත්වාගෙන යා හැකි අතර, එහිදී ඊට අදාල සාමාජික ගාස්තු ඉදිරි මාස 06 සිට මාස 60 දක්වා කාල පරිච්ජේදයන් සඳහා ගෙවීම් සිදුකල හැක.


ආ. සාමාජික ගාස්තු ගෙවීම් කාලපරිච්ජේදය ඔක්තෝබර් මස 15 වන දින සිට දෙසැම්බර් මස 31 දින දක්වා සහ අප්‍රේල් මස 15 වන දින සිට ජූනි මස 30 වන දින ඇතුලත ගෙවීම් කිරීමට කටයුතු කල යුතුය.


ඇ. එමෙන්ම නිශ්චිත කාලපරිච්ජේදය තුල සාමාජික මුදල් ගෙවීම් කිරීමට නොහැකි වූ අවස්ථාවන් වලදී සහ අක්‍රමවත් ලෙස ගෙවීම් සිදුකර ඇති අවස්ථාවකදී දඩ මුදලකට යටත්ව සාමාජිකත්වය නැවත ලබා ගත හැකි අතර, ඒ සඳහා ක්‍රියා කල යුතු ආකාරය පහත පරිදි වේ.

  1. ගුවන් හමුදා විශ්‍රාමික සාමාජිකයා විසින් ගඟන විරු සවිය සුභසාධක අරමුදලේ විශ්‍රාමික සාමාජිකත්වය ලබා දෙන ලෙස ගඟන විරු සවිය අරමුදල් කළමණාකරු වෙත ලිඛිත ඉල්ලීමක් කල යුතුය.
  2. ඒ අනුව සාමාජිකයාගේ ඉල්ලීම පිළිබඳ සලකා බැලීමෙන් අනතුරුව පහත දක්වා ඇති පරිදි දඩ මුදලට යටත්ව වාරික මුදල ගණනය කර සාමාජිකයා වෙත ලිඛිතව දැනුම් දෙන අතර, එහි සඳහන් උපදෙස් පරිදි ක්‍රියා කිරීම මගින් නැවත සාමාජිකත්වය ලබා ගැනීමට හැකියාව ඇත.
ප්‍රමාද කාලය දඩ මුදල (රු.)
මාස තුන (03) කට අඩු 3,300.00
මාස තුන (03) සිට මාස හය (06) දක්වා 6,600.00
මාස හය (06) සිට මාස නවය (09) දක්වා 9,900.00
මාස නවය (09) සිට අවුරුද්දක් (අවු:01) දක්වා 13,200.00

සැ.යු: සාමාජික මුදල නොගෙවා මාස 12 කාලසීමාව ඉක්මවා ගිය පසු සාමාජිකත්වය පෙර දැනුම්දීමකින් තොරව අවසන් වන අතර, නැවත සාමාජිකත්වය ලබාදීම සිදු කරනු නොලබයි.


ඈ. සාමාජික මුදල් ගෙවීම සඳහා ගුවන් හමුදා මූලස්ථානයේ විධායක සුභසාධක අරමුදල (CWF) වෙතින් ඔබ වෙත ලබා දී ඇති මහජන බැංකුවෙහි තමාට හිමි කේත අංකය (Swift Code) නිවැරදිව සඳහන් කර සෘජු තැම්පත් කිරීම මගින් සහ ගුවන් හමුදා වෙබ් අඩවියෙහි (www.airforce.lk) සේවා (Services) තුළ අන්තර්ගත ගඟනවිරු සවිය ගෙවීම් ක්‍රමය (GVS Payment Gateway) වෙත පිවිසීම තුලින් සිදු කල හැක.


ඉ. ඔබ විසින් විශ්‍රාම යාමේදී ලබා දී ඇති තොරතුරු වල යම් වෙනසක් සිදුවන්නේ නම් කඩිනමින් ඒ සම්බන්ධයෙන් ගගනවිරු සවිය අරමුදල් අංශයේ දුරකථන අංක 0112433185 හෝ [email protected] වෙත දැනුවත් කල යුතුය.