බෝම්බ නිෂ්ක‍්‍රීය කිරීමේ පුහුණු පාඨමාලාවේ ලංඡන පැළඳවීම
පාලවිය ගුවන් හමුදා කඳවුරු බෝම්බ නිෂ්ක‍්‍රීය කිරීමේ පුහුණු පාසල මගින් පවත්වන ලද අංක 37-38 නිළධාරී, අංක 52-53 ගුවන්භට බෝම්බ නිෂ්ක‍්‍රීය කිරීමේ මූලික පුහුණු පාඨමාලවන්ගේ නිළ ලාංඡන පැළඳවීමේ පෙළපාලිය 2020 ජනවාරි මස 11 වන දින පාලවිය ගුවන් හමුදා කඳවුරේදී පැවැත්විණි. එයාර් කොමඩෝ සීවී වික‍්‍රමරත්න ප‍්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් මෙම අවස්ථාවට සහභාගී විය.
මෙම පාඨමාලාව සාර්ථකව හදාරා නිමකරන ලද ගුවන් හමුදා නිලධාරීන් 05 ක්, නාවික හමුදා නිළධාරීන් 01 ක්, ගුවන් භටයින් 43 ක් ගුවන් කාන්තාවන් 04 ක් සහතික පත් සහ නිළ ලාංඡන ලබාගන්නා ලදී.
ෆ්ලයින් ඔෆිසර් කේ සී බී බන්ඩාර සෑම අතින්ම දක්‍ෂතම නිලධාරියාට හිමි සම්මානය ලබාගත් අතර නායක ගුවන් භට රූපසිංහ ඒඩබ්ලිව් සෑම අතින්ම දක්‍ෂතම ගුවන් භටයාට හිමි සම්මානය දිනා ගන්නා ලදී.