ගුවන් කාර්ය මණ්ඩල සාමාජිකයින් සඳහා ජලයේ හා කැළැවේ නොනැසී සිටීමේ පුහුණු අභ්‍යාස නැවත ආරම්භ කෙරේ
12:04pm on Friday 29th October 2021
ගුවන් කාර්ය මණ්ඩල සාමාජිකයින් සඳහා ජලයේ හා කැළැවේ නොනැසී සිටීමේ පුහුණු වැඩසටහන අම්පාර ගුවන් හමුදා රෙජිමේන්තු පුහුණු පක්ක්‍ෂාංගයේ දී වසර 02 කට පසු නැවත ආරම්භ කරන ලදී.මෙම පුහුණු වැඩසටහන සැලසුම් කර ඇත්තේ ගුවන් යානයක් ජලාශයකට හෝ වනාන්තරයකට කඩා වැටීමකදී එම පරිසර තත්වයන් තුළ නොනැසී සිටීම සහ ඉන් මිදීම සඳහා අත්වැලක් සැපයීමටයි.

මෙම පුහුණු වැඩසටහන සති 03 ක් පුරා පැවැත්වෙන අතර මෙහිදී පිහිනීම, ජල තරණය, සිතියම් කියවීම,කැළැවේ නොනැසී සිටීම, කඳු නැගීම, ප්‍රථමාධාර ලබා දීම, රාත්‍රී පාගමන් සහ කාර්ය මණ්ඩල මුදවාගැනීම් යන පුහුණු ඇතුලත් වේ.

අංක 01 පියාසර පුහුණු පක්‍ෂාංගයේ අණදෙන නිළධාරී විංග් කමාන්ඩර් දිනේෂ් කසගල මහතාගේ මුලිකත්වයෙන් හා ප්‍රවීණ ගුවන් කාර්ය මණ්ඩල සාමාජිකයින් විසින් මෙම පුහුණු වැඩසටහන පැවැත්වු අතර රෙජිමේන්තු විශේෂ බළකායේ භට පිරිස් ද මෙම පුහුණු වැඩසටහනට සහය විය.

මූලික පුහුණුව අම්පාර ගුවන් හමුදා කඳවුරේදී පවත්වන ලද අතර මහඔය, නාමල්ඔය, ලාතුගල, රතුගල, නිල්ගල සහ ගල්ඔය උද්‍යාන යන ප්‍රදේශ වලදී ප‍්‍රයෝගික ක‍්‍රියාකාකම් පවත්වන ලදී. මෙම සම්පූර්ණ පුහුණු වැඩසටහන දැනට පවතින සෞඛ්‍ය මාර්ගෝපදේශ සහ උපදෙස් දැඩි ලෙස පිළිපදිම්න් ආරක්ෂිත ජෛව බුබුලක් ලෙස පවත්වන ලදී.

අවසානයේ සමාප්ති දේශනය සහ සහතික පත්‍ර ප්‍රදානෝත්සවය පැවැත්වුණු අතර අම්පාර ගුවන් හමුදා කදවුරේ අණදෙන නිළධාරී එයාර් කොමඩෝර් ජීජීඩබ්ලිව්ටීකේ ගුණවර්ධන මහතා ප‍්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් මෙම අවස්ථාවට සහභාගී විය. මෙම උත්සවය සඳහා අම්පාර රෙජිමේන්තු පුහුණු පක්ක්‍ෂාංගයේ අණදෙන නිළධාරී ගෲප් කැප්ටන් ආනන්ද කුමාරසිරි සහ අංක 01 පියාසර පුහුණු පක්ෂාංගයේ අණදෙන නිලධාරී තුමාද සහභාගී විය.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි