ගුවන් හමුදා ගිනි නිවාරණ හා ගිනි උපකරණ නඩත්තු බලඝණය සිය 05 වන සංවත්සරය සමරයි.
12:08pm on Friday 29th October 2021
ගුවන් හමුදා ගිනි නිවාරණ හා ගිනි උපකරණ නඩත්තු බලඝණය සිය 05 වන සංවත්සරය 2021 අගෝස්තු මස 27 වන දින සමරනු ලැබීය.ගුවන් හමුදා ගිනි නිවාරණ හා ගිනි උපකරණ නඩත්තු බලඝණය නිළධාරීන්,කැඩෙට් නිළධාරීන්  සහ අනෙකුත් නිලයන් සඳහා ගිනි නිවන පුහුණු පාඨමාලා පවත්වයි. අළුත්වැඩියා සහ සංවර්ධන අංශය විසින් ප්‍රථමාධාර ගිනි උපකරණ අළුත්වැඩියා කිරීම සහ නැවත පිරවීම ගිනි නිවන උපකරණ අළුත්වැඩියා කිරීම සහ නඩත්තු කිරීම සහ ගුවන් හමුදාවේ සහ බාහිර සංවිධානවල ගිනි හඳුනාගැනීමේ සහ ගිනි ආරක්ෂණ පද්ධති ස්ථාපනය කිරීමේ කටයුතු ඉටු සිදු කරයි.

සංවත්සරයට සමගාමීව බලඝණයේ සේවා පුද්ගලයන්ගේ දායකත්වයෙන් කොවිඩ්-19 රෝගීන්ගේ ප්‍රයෝජනය සඳහා කටුනායක ගුවන් හමුදා රෝහලට දේශීයව නිෂ්පාදිත විදුලි වාෂ්ප යන්ත්‍ර 3ක් කටුනායක ගුවන් හමුදා රෝහලට සහ ගොළුවපොකුණ ප්‍රතිකාර මධ්‍යස්ථානවලට පරිත්‍යාග කිරීම සිදු කෙරිණි.

ගිනි නිවාරණ හා ගිනි උපකරණ නඩත්තු බලඝණයේ අණදෙන නිළධාරී විංග් කමාන්ඩර් එම්ඒඩීඒපී පෙරේරා මහතාගේ මගපෙන්වීම යටතේ මෙම උත්සවය සංවිධානය කල අතර කඳවුරු අණදෙන නිළධාරී එයාර් වයිස් මාර්ෂල් ආර් ඒ යූ පී රාජපක්ෂ මහතා සහභාගී විය

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි