අධිකාරී නොලත් නිළධාරීන්ගේ කළමණාකරන පාසල සිය 21 වන සංවත්සරය සමරයි.
චීනවරාය ගුවන් හමුදා විද්‍යාපීඨයේ පිහිටි අධිකාරී නොලත් නිළධාරීන්ගේ කළමණාකරන පාසල සිය 21 වන සංවත්සරය කළමණාකරන පාසල් අණදෙන නිළධාරී විංග් කමාන්ඩර් එම්ටීඑම් සෆ්රාස්ක් මහතාගේ ප‍්‍රධානත්වයෙන් 2021 සැප්තැම්බර් මස 01 වන දින සමරන ලදී.
සන්නද්ධ හමුදාවන්හි සේවා පුද්ගලයන් අනාගත අභියෝගයන් වලට මුහුණ දීම සඳහා කළමනාකරණය, නායකත්වය, පරිපාලනය, සන්නිවේදනය, තොරතුරු තාක්ෂණය සහ ඉංග්‍රීසි භාෂාව යන ක්ෂේත්‍ර පිිළිබදව වටිනා දැනුමක් ලබා දීම මෙම පුහුණු පාසලේ ප‍්‍රධාන අරමුණයි.
මෙම පුහුණ පාසල මගින් මේ වන විට ගුවන් හමුදාවේ අධිකාරී නොලත් නිළධාරීන් 5960 ක්, යුධ හමුදාවේ අධිකාරී නොලත් නිළධාරීන් 57 ක්, නාවික හමුදාවේ අධිකාරී නොලත් නිළධාරීන් 106 ක් උපාධි ලබා ඇති අතර මෙම කළමනාකරන සම්පූර්ණ කරන සේවා පුද්ගලයි්න් හට රජරට විශ්වවිද්‍යාලය මඟින් කළමනාකරණ සහතිකය පිරිනමනු ලබයි.
අණදෙන නිළධාරීතුමා විසින් පාසලේ දියුණුව වෙනුවෙන් සිය විශිෂ්ඨ මෙහෙවර ඉටුකළ හිටපු සහ වත්මන් හමුදාධිපතිවරුන්, පීඨාධිපතිවරුන්, අණදෙන නිළධාරීන්, නිළධාරීන්, උපදේශකවරුන් ඇතුළු සියළුම දෙනාට සිය කෘතඥතාවය පළ කරන ලදී. සංවත්සරයට සමගාමීව පැළ සිටුවීමේ හා ගුවන් හමුදා චීනවරාය විද්‍යාපීඨයේ ගුවන් ධාවනපථය පිරිසිදු කිරීමේ වැඩසටහනක් ද පවත්වන ලදී.
සංවත්සරය සැමරීම ගුවන් හමුදා මූලස්ථානය විසින් නිකුත් කරන ලද කොවිඩ් 19 සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව පවත්වන ලදී.