ගුවන් මිතුදම් ව්‍යාපෘතියේ 13 වන අදියර සාර්ථකව නිම කෙරේ
10:45am on Saturday 11th December 2021
ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී චාමිණි පතිරණ මහත්මියගේ මගපෙන්වීම යටතේ ගුවන් හමුදා ඉරණමඩු කදවුර විසින් 2021 ඔක්තෝම්බර් 07 වන දින කිලිනොච්චි ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයේදී ගුවන් මිතුදම් ව්‍යාපෘතියේ 13 වන අදියර සාර්ථකව නිම කරන ලදී.

මෙම ව්‍යාපෘතියේදී කිලිනොච්චිය දිස්ත්‍රික් මහ රෝහලට ඔක්සිජන් සිලින්ඩර හතරක් (04) ඔක්සිජන් නියාමක හතරක් (04) පල්ස් ඔක්සිමීටර තුනක් (03) රුධිර ග්ලූකෝස් නිරීක්ෂණ යන්ත්‍ර තුනක් (03) ඇතුළු අත්‍යාවශ්‍ය වෛද්‍ය උපකරණ ප්‍රදානය කරන ලදී.

ගුවන් හමුදා ඉරණමඩු කදවුරේ අණදෙන නිළධාරී ගෲප් කපිතාන් රුක්මන් දසනායක ගේ අධීක්‍ෂණය යටතේ මෙම උත්සවය සාර්ථකව නිම කරන ලදී. කිලිනොච්චියේ ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය එන් සරවභවන් සහ කලාපීය වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය ඒ නිමල් යන මහත්වරු සහභාගී වූ මෙම අවස්ථාව සඳහා වෛද්‍ය සරවභවන් මහතා රෝහල් කාර්ය මණ්ඩලය වෙනුවෙන් සිය අවංක කෘතඥතාව පළ කළේය. කොවිඩ්-19 සීමා කිරීම් හේතුවෙන් සීමිත සහභාගිවන්නන් සංඛ්‍යාවක් සමඟ උත්සවය පැවැත්විණි.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි