චීන වරාය ගුවන් හමුදා විද්‍යාපීඨයේ අංක 06 ගුවන් ආරක්ෂක රේඩාර් බලඝණය සිය 12 වැනි සංවත්සරය සමරයි
10:58am on Saturday 11th December 2021
චීන වරාය ගුවන් හමුදා විද්‍යාපීඨයේ අංක 06 ගුවන් ආරක්ෂක රේඩාර් බලඝණය සමාජීය ක්‍රියාකාරකම්වලට ප්‍රමුඛත්වය දෙමින් 2021 ඔක්තෝබර් 15 වැනි දින සිය 12 වැනි සංවත්සරය සමරනු ලැබීය. ජාතික ගුවන් ආරක්ෂක පද්ධතියේ අනිවාර්ය අංගයක් ලෙස අංක 06 ගුවන් ආරක්ෂක රේඩාර් බලඝණය පිහිටුවන ලද අතර එය 2009 ඔක්තෝම්බර් 15 වන දින ශ්‍රී ලංකා ගුවන් හමුදා වීරවිල කඳවුරේදී පූර්ණ ක්‍රියාකාරී බලඝණයක් ලෙස ආරම්භ කරන ලදී. පසුව ජාතික ගුවන් ආරක්ෂක පද්ධතියේ මෙහෙයුම් අවශ්‍යතා සපුරාලීම සඳහා බලඝණය 2012 මැයි 05 දින ශ්‍රී ලංකා ගුවන් හමුදා විද්‍යාපීඨ චීන වරාය වෙත රැුගෙන යන ලදී.

කොවිඩ්-19 සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුකූලව බලඝණය විසින් ප්‍රජා සේවා ව්‍යාපෘති කිහිපයක් පවත්වන ලද අතර එය සමුද්‍රාසන්න විවේකාරාමයේ පවත්වන ලද ශ්‍රමදාන ව්‍යාපාරයක් ඇතුළත් වූ අතර ඉන් අනතුරුව රේවත ළමා නිවාසයේ ළමුන් සඳහා තෑගි සහ දිවා ආහාරය බෙදා දීම සිදු කරන ලදී.

12 වන සංවත්සරය සනිටුහන් කරමින් සම්ප්‍රදායික ලෙස වැඩ පෙළපාලියක් බලඝණ පෙළපාළි චතුරශ්‍රයේ දී පවත්වන ලද අතර එය අණදෙන නිලධාරීල විංග් කමාන්ඩර් එස්එම්කේ ගුණරත්න මහතා විසින් නිරික්ෂනය කරන ලදී.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි