ගුවන් හමුදා භූමිගත ගුවන් ආරක්ෂක නිළධාරීන් සදහා පාඨමාලා දැනුම නැවත ආවර්ජනය කිරීමේ වැඩසටහනක්
11:10am on Saturday 11th December 2021
අංක 01 භූමිගත ගුවන් ආරක්ෂක නිළධාරීන්ගේ පාඨමාලා දැනුම නැවත ආවර්ජනය කිරීමේ වැඩසටහනක් ඉරණමඩු ගුවන් හමුදා කඳවුරේ දී කඳවුරු අණදෙන නිළධාරී ගෲප් කැප්ටන් ඩීඑම්ආර් දසනායක මහතාගේ ප‍්‍රධානත්වයෙන් 2021 ඔක්තෝබර් මස 09 වන දින සාර්ථකව අවසන් කරන ලදී.

මෙම පළමුු සතියක පුහුණු වැඩසටහන සඳහා ගුවන් හමුදා රෙජිමේන්තුවේ නිළධාරීන් 06 දෙනෙකු සහභාගී වු අතර ගුවන් ආරක්ෂක අවි සහ උපකරණ කාර්යක්ෂමව හා ඵලදායි ලෙස භාවිතා කිරීම පිළිබඳව අවධානය යොමු කරන ලදී.

මෙමගින් රෙජිමේන්තුවේ නිළධාරීන් හට අවශ්‍ය තාක්ෂණික දැනුම මෙන්ම මෙහෙයුම් කුසලතාව නැවත ආවර්ජනයක් සිදුවන අතර මෙම ආකාරයේ වැඩසටහන් මගින් ජාතික ගුවන් ආරක්ෂක පද්ධතියේ ආරක්ෂාවට ද මහගු පිටුවහලක් සපයයි.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි