පෝස්ටර් තරගාවලියේ ජයග්‍රාහකයන් හට ගුවන් හමුදාපති තුමන් අතින් ත්‍යාග ප්‍රධානය කෙරේ
2:02pm on Friday 25th March 2011
අභිමානවත් ගුවන් හමුදා 60 වන සංවත්සරය හා සමගාමීව අධ්‍යක්ෂ පරීක්ෂන හා ආරක්ෂන කාර්යාලය විසින් සංවිධාඅය කරනු ලැබූ ගුවන් යානා ආරක්ෂාව පිළිබද පෝස්ටර් තරගාවලියේ ජයග්‍රාහකයින් හට ත්‍යාග ප්‍රධානය කිරීමේ උත්සවයක් ගුවන් හමුදා මූලස්ථානයේදී අද දින ගුවන් හමුදාපති තුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත් විනි.

ගුවන් යානා ආරක්ෂාව පිළිබදව සේවා පුද්ගලයින් දැනුවත් කිරීම මෙම පෝස්ටර් තරගාවලියේ මුලික අරමුණ විය.

ජයග්‍රාහකයින් සදහා වූ මුදල් ත්‍යාග ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් හර්ෂ අබේවික්‍රම තුමන් අතින් ප්‍රධානය කල අතර අධ්‍යක්ෂ පරීක්ෂන හා ආරක්ෂන එයාර් වයිස් මාර්ෂල් තිලක් දිසානායක මහතා ද ද මේ අවස්ථාවට එක්විය.

පෝස්ටර් තරගාවලියේ ජයග්‍රාහකයින්

පියාසර නිලධාරී දිහාන් පෙරේරා
අංක 07 බළගණය
(ප්‍රථම ත්‍යාගය - රු. 10,000/=)
බළගණ නායක කාංචන ගුණසේකර
අංක 02 බළගණය
(දෙවන ත්‍යාගය - රු. 7,500/=)
ගුවන් භට ප්‍රේමකුමාර කේ.ජී.ආර්
ශ්‍රිලංගුහ ඒකල

(තෙවන ත්‍යාගය - රු. 5,000/=)

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි